දේශීය පුවත්

“ජනබලය කොළඹට“ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ.

පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ප්‍රධාන විරෝධතාව අද(05) පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත් වීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සඳහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සඳහන් වෙයි.

කෙසේ නමුත්, පිට පළාත්වලින් පිටත් වු ජනතාව රැගත් බස් රථ මේ වන විට කොළඹ නගර වෙත පැමිණෙමින් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේය.

මේ අතර අරලියගහ මන්දිරය අවට හා කොළඹ විශේෂ මහාධිකරණ අසල ආරක්ෂාව තර කර ඇති ආකාරයද දක්නට තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More