පුරවැසි කොලම

1995 දී යාපනය මුදා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ආරක්‍ෂක අංශවලට හැකිවිය. යාපනය මුදාගැනීම රටේ බහුතරය සතුටු කළද කුමාරතුංග ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ඉදිරිපත් කරන පැකේජයට දැඩි විරෝධතා එල්ල වෙමින් පැවතිණි. එම විරෝධතා කුළුගැන්වීම සඳහා “සිංහලය රැකගැනීම” මැයෙන් වූ විශේෂ හමුවක්‌ 1996 ජනවාරි 19 වැනිදා මහනුවර දළදා මාලිග පරිශ්‍රයේදී පැවැත්විණි. මෙය පැවැත් වූවේ මල්වතු අස්‌ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසකත්වය මත දියවඩන නිලමේතුමාගේ සහභාගිත්වයෙනි. මෙම වැඩසටහනේදී ත්‍රි සිංහලය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සිංහ කොඩිය දළදා සමිඳුන්ට පූජා කිරීමක්‌ සිදුවිය.

මේ මීට වසර විස්‌සකට එහා අතීතයට ගමන් කිරීමකි. ඒ අතීතයට නැවත ගමන් කළ යුතුවන්නේ ඉතිහාසය නැවත නැවතත් පුනරුච්ඡාරණය වෙමින් පැවතීම නිසාය. එදා ඊනියා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවද එයට ස්‌වභාවික මරණයක්‌ අත්විය. මේ දේශපාලන යෝජනාවලියට එරෙහිව මහා සංඝරත්නය පාර්ලිමේන්තුව වටකළ අයුරු අපට මතකය. එදා මෙන්ම අදත් පාර්ලිමේන්තුව වටකිරීමට සිදුවෙයිද? ඒ භයානක නව ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත්ව ඇති නිසාය. මේ නව ව්‍යවස්‌ථාව සම්මත වුවහොත් එයින් සිදුවන්නේ ඒකීය රාජ්‍යය විනාශ වී යැම පමණි. ලොව දරුණුතම ත්‍රස්‌ත කණ්‌ඩායම මර්දනය කර රට එක්‌සේසත්ව තබා ගැනීමට විධායක ජනපති ක්‍රමය මහෝපකාරී විය. එහෙත් මේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්‌ථාවට අත එසවීමට දේශප්‍රේමීන්ට හැකිද? කිසිසේත් නැත. ඇත්තෙන්ම හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවට ලබාදුන් වැදගත්ම දායාදය වන්නේ විධායක ජනපති ක්‍රමයයි. මෙය ඉවත් කිරීම යනු කුමක්‌ද? ශ්‍රී ලංකාව නමැති රාජ්‍යයේ පාදම බිඳ දැමීමකි. පාදම කඩා දැමීමෙන් පසු ගොඩනැඟිල්ල ශක්‌තිමත්ව පවතීද? එය ඉතා ඉක්‌මනින් විනාශ වී යනු ඇත. එම නිසාම මේ නව ව්‍යවස්‌ථා උගුල පරාජය කළ යුතු නොවේද? හදිසියේ හෝ නව ව්‍යවස්‌ථාව සම්මත වුවහොත් එය රටේ ඒකීය භාවය රැකගැනීම වෙනුවෙන් පුද කළ රණවිරු ජීවිත විසිනව දහසට කරනු ලබන බරපතළ නිග්‍රහයකි.

1996 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජය ඉදිරිපත් කළ දේශපාලන යෝජනාවලියට එරෙහිව මල්වතු අස්‌ගිරි නාහිමිවරු විරෝධය පළකළා සේම සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්‌ථා කෙටුම්පතටද නාහිමිවරු විරෝධය පළකර ඇත. මේ විරෝධයත් සමඟ ආණ්‌ඩුව කලබල වී ඇත. සිංහල මුද්‍රිත මාධ්‍යවලට අගමැතිවරයා දිගින් දිගටම බැටදෙමින් සිටී. සිංහල පත්‍ර ලංකාවේ ජාතික එකමුතුව කඩන බව අගමැතිවරයා වව්නියාවේදී ප්‍රකාශ කර තිබිණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය කුමක්‌ද? ආණ්‌ඩුවේ සංහිඳියාවට සිංහල පුවත්පත් තර්ජනය කර ඇතිද? කිසිසේත් නැත. සිදුකර ඇත්තේ මහ නාහිමිවරුන්ගේ පුවත ප්‍රධාන සිරස්‌තලයක්‌ ලෙස පළකිරීම පමණි. බහුතර බෞද්ධ මතය. මේ ව්‍යවස්‌ථාවට එරෙහිව බව හොඳින්ම පැහැදිලිය. රජයේ ප්‍රධානීන් මෙන්ම ඊනියා සිවිල් සංවිධාන මහා සංඝරත්නයට නිග්‍රහ කරද්දී පවා උන්වහන්සේලා නිවැරැදි මතය රට හමුවේ ප්‍රකාශ කර ඇත. පුරවැසි බලයට හෝ සාධාරණ සමාජයට අවශ්‍ය පරිදි ව්‍යවස්‌ථා සංශෝධන ඉදිරිපත් කළ නොහැකිය. මොවුන් කිසි දිනක කොටි ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කළ යුතුය යන මතයේවත් සිටි කණ්‌ඩායමක්‌ නොවේ. ඒකීය රාජ්‍යය කැඩී බිඳී යැම මොවුන්ට සතුටකි. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය ඉවත් කර රට අනාගාමික රාජ්‍යයක්‌ වනු දැකීම ඊනියා පුරවැසි බලයේ ප්‍රාර්ථනයයි.

අස්‌ගිරි – මල්වතු පාර්ශ්වය අනුව යමින් කෝට්‌ටේ සංඝ සභාවද මේ නව ව්‍යවස්‌ථාවට එරෙහි වීම යහපාලනයට බරපතළ පහරකි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් පවසන්නේ මේ අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථා අවශ්‍ය නැති බවයි.

නව ව්‍යවස්‌ථාවේ අඩංගු කරුණු කිසිසේත්ම රටට යහපත් නොවන බවත් මෙය චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් කළ පැකේජය හා යමින් රට ෆෙඩරල් කරන යෝජනාවලියක්‌ බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. පූජ්‍ය මාදුළුවාවෝ සෝභිත හිමියන් ජීවත්ව සිටියා නම් මේ නව ව්‍යවස්‌ථාවට එකඟ නොවනු ඇති බවද බෙල්ලන්විල නාහිමියෝ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් සඳහන් කර තිබිණි. එදා 1996 දී පැකේජය එසේ නොවේ නම් දේශපාලන යෝජනාවලියට එරෙහිව ගොඩනැඟු ආකාරයේ දැවැන්ත විරෝධයක්‌ මේ නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන්ද ගොඩනැඟෙමින් පවතී. එදා ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය හා අද ස්‌ථාවරය අතර නම් බරපතළ පරස්‌පරතා තිබේ. මෙයට හේතුව කුමක්‌ද? එය වෙනම කතා කළ යුතුය.

මල්වතු – අස්‌ගිරි පාර්ශ්වවලින් නව ව්‍යවස්‌ථාවට විරෝධය එල්ලවීමත් සමඟම දළදාව නිග්‍රහයට ලක්‌කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්‌ ඇරඹී ඇති බව පෙනී යයි. මීට පෙර භික්‍ෂූන් වහන්සේලාට නිග්‍රහ කර බෞද්ධ සමාජය නිහඬ කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූවා සේම දැන් දළදා මාලිගාවට ප්‍රහාරයක්‌ එල්ල වේ. එය කවරක්‌ද? දළදා මාලිගාවට බුරුමයෙන් ඇතෙක්‌ ගෙන්වීම සඳහා රුපියල් කෝටි විසි හයක්‌ වැයකර ඇති චෝදනාවයි. මෙය හදිසියේම එළියට එන්නේ කෙසේද? 2007 සිද්ධියක්‌ 2017 දී යළි පණ ලබන්නේ කෙසේද? මෙය අන් කවරක්‌වත් නොව දළදා මාලිගයත් අස්‌ගිරි – මල්වතු නාහිමිවරුන් ඇතුළු සංඝ සභාවත් දියවඩන නිලමේවරයාත් නිග්‍රහයට ලක්‌කිරීමේ කුමන්ත්‍රණයකි. දළදාව නිග්‍රහයට ලක්‌කර හෝ නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම යහපාලනයේ ප්‍රමුඛ අරමුණයි. එසේ නම් මේ ව්‍යවස්‌ථාව කිසි ලෙසකින්වත් සිංහල බෞද්ධයාගේ යහපතට හේතු නොවන බව පැහැදිලිය.

චතුර පමුණුව (දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More