මුහුණු පොතෙන්

ව්ලදිමීර් ඉල්යීච් ලෙනින්ගෙන් අනතුරුව සෝවියට් දේශයේ පාලන බලය සියතට ගත් ජෝසප් ස්ටාලින්, නට්සිවාදීන්ගෙන් සෝවියට් දේශය බේරාගත් අසහාය නායකයා ලෙසින් තවමත් බොහෝ රුසියානුවන්ගේ ගෞරවයට පාත්‍ර වන අතරම, දෙවෙනි ලෝක යුද්ධයේදී දස ලක්ෂ සංඛ්‍යාත සෝවියට් වැසියන් ඝාතනය කළ ඒකාධිපතියෙකු ලෙසින් ගැරහුමට ද ලක්වේ.

එහෙත් සෝවියට් දේශයේ ස්ටාලින් කෙනෙකු නොසිටි බව මා කීවොත් ඔබ පුදුමයට පත්වේවි.

සෝවියට් දේශයේ ප්‍රධානම ව්‍යවහාරික භාෂාව වූ රුසියානු භාෂාවේ ‘ට’ යන්නක් හෝ ‘ඩ’ යන්නක් හෝ නැත.

එබැවින් ‘ට’ යන්නක් නොතිබුන භාෂාවක් භාවිත කළ රටක රාජ්‍ය නායකයා ‘ස්ටාලින්’ වෙන්නේ කෙසේද?

බටහිරින් ලැබෙන බොහෝ දේ ප්‍රසිද්ධියේ ගරහන අපි රහසිගතව හෝ නොදැනුවත්ව බටහිර බොහෝ දේ වන්දනාමාන කරන්නට හුරු වී සිටින්නෙමු.

ස්ටාලින් නම ද එවැන්නකි.

සෝවියට් දේශය යකඩ හස්තයකින් පාලනය කළ නායකයා සෝවියට් වාසීන් හඳුනන්නේ ‘ස්තාලින්’ ලෙසින් විනා ‘ස්ටාලින්’ ලෙසින් නොවේ.

‘ස්ටාලින්’ යනු ඒ නායකයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් වහරන අන්දමය.

එහෙත් ලංකාවේ අපි ඔහුගේ සැබෑ නම වෙනුවට ඉංග්‍රීසිකරණය වූ නමක් භාවිත කළ යුත්තේ ඇයි?

ව්ලදිමීර් පූටින් නම ද එසේමය. රුසියාවේ වත්මන් නායකයා ‘පූතින්’ විනා ‘පූටින්’ නොවේ.

රුසියාවේ අගනුවර ගැන කතාව ද එසේමය.

රුසියානු ජනතාව සිය අගනුවර හඳුන්වන්නේ ‘මස්ක්වා’ ලෙසිනි.

‘මොස්කව්’ යනු ඒ නගරය ඉංග්‍රීසිකරණය වූ ආකාරය වේ.

අප වෝර්සෝ නමින් හඳුනන පෝලන්තයේ අගනුවර ද පෝලන්තවාසීන් හඳුන්වන්නේ ‘වර්ශාවා’ ලෙසිනි.

ශ්‍රී ලංකාවේ අපි එය ‘වෝර්සෝ’ ලෙසින් නම් කිරීම කොළඹ වෙනුවට ‘කලම්බෝ’ යන ඉංග්‍රීසි නම භාවිත කිරීම හා සමානය. නොඑසේනම් ගාල්ල වෙනුවට ‘ගෝල්’ හෝ මහනුවර වෙනුවට ‘කැන්ඩි’ නම භාවිත කිරීම උදාහරණ ලෙසින් දැක්විය හැකිය.

එමෙන්ම රුසියානු භාෂාවේ ‘ඇ’ යන්නක් හෝ ‘ඈ’ යන්නක් ද නැත.

මහ ගත්කරු ගෝර්කි ‘මැක්සිම්’ නොවී ‘මක්සිම්’ වන්නේ එබැවිනි.

ලේඛක ඇන්ටන් චෙකෝව් තවත් එවැනි වරදකි. සෝවියට් දේශයේ වාසය කළේ ‘අන්තෝන් චේකෆ්’ විනා ‘ඇන්ටන් චෙකෝව්’ නොවේ.

රුසියානු භාෂාවේ කිසියම් නමක අන්තිම අකුර ‘ව’ යන්න නම් එය උච්ඡාරණය කරන්නේ ‘ෆ’ යනුවෙනි.

සෝවියට් දේශයේ අවසාන නායකයාගේ නම ‘ගොර්බචෝව්’ ලෙසින් ලියන නමුත් එය උච්ඡාරණය කරන්නේ ‘ගොර්බචෝෆ්’ යනුවෙනි.

වෙනත් බොහෝ රටවල් ද පුද්ගල නාම, රටවල නම් සහ නගරවල නම් තමන්ට පහසු ආකාරයට උච්ඡාරණය කරන බව රහසක් නොවේ.

උදාහරණයක් ලෙස රුසියානුවන්ට හිට්ලර් කෙනෙක් නැත. ඔවුන් ඔහු හඳුන්වන්නේ ‘ගිට්ලර්’ ලෙසිනි. (Correction – It should be “Githler” not “Gitler”. Thank you for pointing it out) එහෙත් ඒ ඔවුන්ගේ භාෂාවේ ‘හ’ යන්නක් නැති නිසාය.

රුසියානු භාෂාවේ ‘ආතර්’ කෙනෙක් ද නැත. ඔවුන්ට අනුව ඔහු ‘අර්තුර්’ ය. ඒ ඔවුන්ට වැහැරීමට පහසුවන පරිදිය.

එහෙත් අප ඉහත කී බොහෝ වචන භාවිත කරන්නේ නිසි පරිදි කරුණු සොයා නොබලා, එම වචන ඉංග්‍රීසියට පෙරලුනු ආකාරය පමණක් සලකා බැලීමෙනි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති පමණින් අප සියලු දේ ඉංග්‍රීසියෙන් පමණක්ම උකහා ගත යුතුද?

– Saroj Pathirana –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More