දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය සඳහා කොළඹට කැඳවූ පොලිස් නිලධාරීන්ගෙන් විශාල ප්‍රමාණයක් ඊයේ රාත්‍රී වන විට කොළඹ ප්‍රදේශයේ විහාරස්ථානවල සහ පූජනීය ස්ථානවල ලැගුම් ගෙන තිබූ අතර අද අලුයම 4ට පමණ එම නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී එම ස්ථානවලින් පිටව ගොස් තිබේ.

අප වෙත වාර්තා වෙන්නේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දහවල් වන විට කොළඹට පැමිණෙන පෙළපාලිකරුවන් අතරට ගොස් පෙළපාලි කරුවන් සේ හැසිරෙන ලෙසය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් මේ ගැන විමසීමක දී පවසා සිටියේ ආණ්ඩුව විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම් සඳහා ආණ්ඩුවේම මැරයන් මෙම පෙළ පෙළපාලිය තුළට රිංගවා කලබලකාරී තත්වයක් ඇති කිරීමට කටයුතු යොදා ඇති බවයි.

එම කඩාකප්පල් කියාව ප්‍රධාන වශයෙන් බාරගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් බවද තවදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More