දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් අද (5) කොළඹදී පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා නීත්‍යානුකූලව වෙන්කර ගෙන තිබූ ක්‍රීඩාංගණ පහක බලපත්‍ර රජය විසින් අවලංගු කර ඇතත් කිසිඳු වෙනසක් නොකර රජයට එරෙහි උද්ඝෝෂණය මුලින් සංවිධානය කළ පරිදි පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. කොළඹදී ඊයේ (4) පැවැති ඒකාබද්ධ වික්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් මේ බව සඳහන් කළේය.

වත්මන් යහපාලන රජයට එරෙහි මහජන උද්ඝෝෂණයට මේ රජය බය වෙලා. මේ උද්ඝෝෂණයට සහභාගි වන විශාල ජනතාවගෙන් වාහන ගමනා ගමනයට ඇති විය හැකි අපහසුතා වළක්වන්න ඕනෑ නිසා අපි මීට සති කීපයකට පෙර කොළඹ නගර සභා සීමාවේ පිහිටි ක්‍රීඩාංගණ පහක් මුදල් ගෙවා වෙන්කර ගෙන තිබුණා. අපි කල්පනා කළේ කොළඹට එන ජනතාව මේ ක්‍රීඩාංගණවලට රැස් කරන්නයි. නමුත් කොළඹ මහ නගර සභාව අපට වෙන්කර දී තිබූ මේ ක්‍රීඩාගංණවල බලපත්‍ර අහෝසි කරලා තිබෙනවා. ඒ බව අපට දැනුම් දුන්නේ 4දා උදේ. එහෙම කරන්න බෑ. නමුත් ඒ නීතිය ගැන අපි දැන් කතා කරන්නේ නෑ. අද කොළඹට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව රැස් කළ යුතු විකල්ප ස්ථාන අපි සූදානම් කර තිබෙනවා.

කොළඹට අද (5) පැමිණෙන ජනතාව රජයට විරෝධය පළ කරන්නේ රජය ඔවුන්ට ලබාදුන් ‍පොරොන්දු ඉටු නොකර ඔවුන් අපහසුතාවයට පත්කර ඇති නිසයි. ‍පොලිස්පති කියලා තියෙනවා අවශ්‍ය බලය පාවිච්චි කරනවා කියලා. අපි ‍පොලිස්පතිට කියන්නේ අපේ ජනතාව කොළඹට එන්නේ රජයට විරෝධය පාන්නයි. ඒ නිසා ජනතා අයිතියට එරෙහි වෙන්න ‍පොලීසියට පුළුවන් කමක් නෑ. නීතිය නවලා කටයුතු කරලා ‍පොලීසියට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ.

අපේ සාමකාමී උද්ඝෝෂණය අපට අපේ පාඩුවේ කරගන්න නොදී ඊට බලපෑම් කළොත් අපි හිතුවටත් වඩා ඉක්මනින් රජයට ගෙදර යන්න වෙන බවද අමතක නොකළ යුතු බවද ඔවුහු සඳහන් කළහ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මහාචාර්ය තිස්ස විතාරණ නීතිඥ රාජා කොල්ලුරේ ඇතුළ කීපදෙනෙක්ම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More