දේශීය පුවත්

වෙළඳ පොළෙන් අප මිලදී ගන්නා පළතුරු බොහෝමයක් ඉක්මනින් ඉදවා ගැනීමට විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නොරහසක්. මෙලෙස ශරීරයට අහිතකර විෂ රසායනික වර්ග මුසු කරන පළතුරු වර්ග නිසා ජනතාව මිලදී ගන්නා පළතුරු වර්ග තුලින් පිළිකාව ඇතුළු තවත් රෝග රැසක් ජනතාවට නොමිලේම ලැබෙන බවයි කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය පෙන්වා දෙන්නේ. මේ නිසා එලෙස වස විෂ දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මැනිං වෙළඳපොළ තුල 2008 වසරේ සිට කෙසෙල්, ගස්ලබු ඇතුළු පලතුරු ඉදවීම සඳහා “එතනල්” නමැති විස රසායනිකය යෙදූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරුවන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ කොළඹ පිටකොටුව මැනිං වෙළඳපොළෙන් වස විස සහිත පලතුරු ඉවත් කිරීමේ සටන ආරම්භ කළ බවයි එම වෙළඳ සමතියේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ.

මේ අතර “රෙඩ් ලේඩි” ගස්ලබු වර්ගය ඉදවීම සඳහා අනිවාර්යයෙන්ම මෙම විස යෙදීමට සිදුවී ඇති බවත්, ආනයනික පැළ නොවන ඇට නැති දෙමුහුන් බීජ මෙරට ගොවීන්ට එය හඳුන්වා දීම නිසා මුළු රටම වදවීමක් වෙත යමින් සිටින බව ද පෙන්වාදෙන ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විට පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග තුන්සියයක් පමණ රට තුළ ඇති බවයි.

එසේම වෙළෙඳුන් සහ කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන ලෙස එම වෙළඳ ප්‍රජාව ඔවුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

වස විෂ අඩංගු රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඉදවන පලතුරුවලට කුහුඹුවෙක්වත් ළං නොවන අතර එම පලතුරු ස්වාභාවික ලෙස ඉදෙන පලතුරු වලට වඩා හොඳ පෙනුමකින් සමන්විත නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More