හෙට(05) දිනයේදී ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් ස්ථාන කිහිපයකින් අමතර නිලධාරීන් කුරුඳුවත්ත පොලීසිය අසලට කැඳවා ඇති අයුරු අද(04) දක්නට ලැබුණි.
පසුගිය දා ඒකාබද්ධය මෙම ජනබලය කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සැප්තැම්බර් 5 වන දින මුළු කොළඹම අඩපණ කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම අද දිනයේ දී පොලීස් ස්ථාන 3ක් මඟින් ඉදිරිපත් කළ ඉල්ලීම් අධිකරණය වෙතින් ඉවත දමමින් නියෝග කර තිබුණේ හෙට දිනයේ දී යම් අවශ්‍යතාවයක් වුවහොත් ඒ සඳහා පොලිස් බලය යෙදවීමට කටයුතු කරන ලෙසයි.
විශේෂයෙන් ආරක්ෂාව සැපයිය යුතු තැන්වලට හානි සිදු වෙතැයි යන සැකය මත අධිකරණයෙන් ඉල්ලීම් කළ බවත් ඒ ඇරෙන්නට කිසිදු හේතුවක් මත උද්ඝෝෂණයට හානි කරන්නේ නැති බව ද පොලීසිය පවසයි.
මහජනයාට හෝ රාජ්‍ය දේපල හෝ උසාවියන්ට විශේෂයෙන්ම නඩු භාණ්ඩයන්ට යම් හානියක් සිදු වුවහොත් එහිදී පොලිස් බලය පාවිච්චි කිරීමට සිදුවන බව ද පොලීසිය සඳහන් කරයි.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...