දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හෙට දින ජනාධිපතිවරයා සිය නිල නිවස අවට මාර්ගවල රැස් වී උද්ඝෝෂණය කරමින් පන්දම් දල්වා ජනාධිපතිතුමාට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි උද්ඝෝෂණය කිරීමට සූදානම් බවයි.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බවයි.

එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව කියා සිටියේය.

මෙම චෝදනාව සනාථ කිරීම සඳහා පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

පොලීසිය විසින කරුණු ලබන මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

මේ අතර එ්කාබද්ධයේ විරෝධතාවට නියෝගයක් නිකුත් කරන ලෙසට වැලිකට පොලීසිය කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More