මුහුණු පොතෙන්

මිලින්ද රාජපක්ෂ කියන්නෙ ගෝඨාභයගෙ මාධ්‍ය ප්‍රකාශක.ගිය පලාත් පාලන ජන්දෙ පොහොට්ටුවේ කොලඹ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා.එයා වැඩ්ඩෙක් නිසාලු ගෝඨාභය එක්ක ටැග් ගැහුනෙ.එහෙම තමා කනින් කොනින් ඇහෙන්නෙ..
එයා පොතක් නිකුත් කරනවලු.පොතේ පෙරවදන “සුනන්ද දේශප්‍රිය” ලියල තියෙන්නෙ..සුනන්ද දේශප්‍රිය ගැන දන්නවනේ..ඔව් උෟ තමයි..ජාත්‍යන්තරය පුරා රණවිරුවන්ට එරෙහිව හඬ නගන,රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා ගුබ්බෑයමේ ලැගගෙන,දෙමල කොටි ඩයස්පෝරාවේ කුලී ලියන්නෙක්,සාක්ෂි කාරයෙක්,අතවැසියෙක් විදියට කටයුතු කරන සුනන්ද දේශප්‍රිය..
රටට හතුරු එන්ජීඕවල ප්‍රමුඛ ක්‍රියාකාරී,යුධ හමුදාවට සමූහ ඝාතන චෝදනා,පොකුරු බෝම්බ චෝදනා කරන ජාතිභ්‍රෂ්ඨයෙක්…දෙමළ ඊලම බිහිවෙනතුරු ඇඟිලි ගනින,ඒ වෙනුවෙන් වෙහෙසෙන පරයෙක්…

ඊලඟට මේ පොතේ ප්‍රකාශක උපුල් ශාන්ත සන්නස්ගල.?.ඔව් අර රැඩිකල් කුප්ප සංහතියේ න්‍යායාචාර්ය..නන්දිකඩාල් ගිහින් ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණු කට වටේ පෙරාගත්ත එකා..ඒ වගේම අර මේ ලඟදි පලකරපු “බුදුන්ගෙ රස්තියාදුව” පොතෙත් ප්‍රකාශක..

මේ පො⁣ත එලිදැක්වීමේ උත්සවයට ඔය පචරණවක ඇතුලු ආණ්ඩුවේ කිපදෙනෙකුත්,
ජවිපෙ නලින්ද ජයතිස්සත් එනවලු.
“දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත” කියල පඬිවරු දේශනා කරල තියන නිසා ඒ ගැන අපිට මුකුත් කියන්න බෑ..ඒ ගැන කෙසේ වෙතත් මේ ගෝඨාභයගෙ නවතම මාධ්‍ය ප්‍රකාශක උන්නැහේගෙ පොතේ පෙරවදන ලියපු දේශද්‍රෝහියයි,පොතේ ප්‍රකාශක ජාතිභ්‍රෂ්ඨ සන්නස්ගලයි සම්බන්ධ වීම ගැන නම් මොකක්දෝ පිලිනු ගඳක් වහනය වෙනවා..

ඒ පිලිනු ගඳ මොකක්ද කියලා මිලින්ද රාජපක්ෂත් ඉන්න චැට් ගෘප් එකකදි අහපුවාම එයා කිව්වෙ එයාගෙ පොත එලිදක්වන කතාවෙ ඒ ගැන තියනවා කියලා..නමුත් සුනන්දගෙ පෙරවදනත් එක්ක එක්ක සමාජගතවෙන්නෙ පොත මිසක් එයා පොත එලිදක්වන කතාව නෙවේ නේද කියලා මම ඇහුවට ඒකට නම් සෑහීමකට පත්වෙන්න පුලුවන් උත්තරයක් ලැබුනෙ නෑ..ගෝඨාභයගෙ මාධ්‍ය ප්‍රකාශකගෙ පොතේ පෙරවදනේ තියන පිලුනු ගඳේ බලපෑම මේ රටේ දේශමාමක ජනයාට නොදැනෙයි කියලා හිතන්න අමාරුයි..ඒ වගේම ඒ පිලිනු ගඳ ගෝඨාභය රාජපක්ෂ වගේ මුලු රටක් බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්ගෙ ප්‍රතිරෑපයට බලපෑමක් ඇති නොවෙයිද කියලා හිතන්නත් වෙනවා..

මංගල සමරවීරගෙ මාධ්‍ය ප්‍රකාශකගෙ පොතක පෙරවදනක් සුනන්ද දේශප්‍රිය ලියලා,සන්නස්ගලගෙ සන්හිඳෙන් මුද්‍රණය කරලා පිට කරන එකෙයි ගෝඨාභය රාජපක්ෂගෙ මාධ්‍ය ප්‍රකාශකගෙ පොතක පෙරවදන දේශද්‍රෝහී සුනන්ද වගේ එකෙක් ලියලා සන්නස්ගලගෙ සන්හිඳේ ප්‍රකාශයනයක් විදියට එලිදක්වන එකෙයි වෙනසක් තියනවා..ඒකෙ මොකක්දෝ අමුතු ශබ්දයක් ඇතුලෙන් ඇහෙනවා..

ඒ සද්දෙ මොකක්ද කියලා තේරුම් ගන්න වැඩි වැල්වටාරම් ඕන නෑ..මේක තමා ඔය කඳවුර පුලුල් කරන අයට ඕන වෙලා තිබුනෙ..විශේෂයෙන්ම ජාතිකවාදී මතවාදය අගයන මහින්ද රාජපක්ෂගේ ජනබලය ගෝඨාභය රාජපක්ෂව හඳුනා ගත්තේ,එතුමාව වැඩි වැඩියෙන් ඉල්ලන්නේ ජාතිකවාදී නායකයෙක් විදියට මිසක් ඔය ඊනියා ජාත්‍යන්තරවාදී,මහා නූතනවාදී,ලිබරල්වාදී නායකයෙක් විදියට නෙවේ..ජාතිකවාදය,දේශප්‍රේමය ඇස්වලට පේන්න බැරි කාක්කො මහින්දගෙ කඳවුරට රිංගලා පහුගිය කාලෙම කඳවුර පුලුල් කරනව කියලා කලේ ජාතිකවාදී මතවාදය දරණ පිරිස්,මහාසංඝරත්නය,උගතුන්ව එතනින් අෑත් කරලා ඔය නූතනවාදී,
ජාත්‍යන්තරවාදී,ෆෙඩරල්වාදී සෙට් එකක් එතනට රිංගවීම..මේවා කුමන්ත්‍රණ විදියට නොසලකන්නත් බැරි නෑ..ගෝඨාභය රාජපක්ෂගෙත් ට්‍රැක් එක මාරු කරවන්න තමා ඔය කිව්ව පිරිසට ඕනකම තිබ්බෙ..දැන් වැඩ කෙරීගෙන යනවිදියට සහ මේ මිලින්දලා වගේ කසකරුවන්ගෙ සද්දෙ අනුව ඒ වැඩපිලිවෙල තරමක් සාර්ථකද කියලත් මැදිහත් සිතින් කල්පනා කරද්දි හිතෙනවා..

දැන් මේක දැක්කම සමහර විට ලොකු ලොක්කො අධෝවාතයක් ඇරියත් හඳුන් සුවඳයි කියන (සමහරක්)මහින්දවාදී කියන ලපයි සිපයි ටික කෝප වෙයි.ඒ වගේම.මිලින්දලාටත් කෙස් පැලෙන තර්ක ගෙනත් සාධාරණීකරණය කරගන්න පුලුවන් වෙයි…ඒත් සුනන්ද දේශප්‍රියලා එක්ක සන්නස්ගලලා එක්ක මිලින්ද රාජපක්ෂලාගේ අභ්‍යන්තර ගණුදෙනුව,හුවමාරුව මොකක්ද කියලා මේ රටට සැබෑ ලෙසටම ආදරය කරන මිනිස්සු කල්පනා කරනවා..මේ විදියේ කතාන්තර ගොඩක් එක්ක ගෝඨාභය රාජපක්ෂව අරගෙන යන්නෙ කොහෙටද කියලත් කල්පනා කරන්න වෙනවා..මේ සිද්ද වෙන දේවල්වල අවුලක් පේන්නෙ නැති උත්තමයෝ සහ උත්තමාවියන්ට කියන්න තියෙන්නෙ “අපිට කොක්කු ඉගිලෙන්න කලින් පාට කියන්න පුලුවන්..ඔයාලා කොක්කු ඉගිලෙනකම් ඉඳලාම පාට කියන්න” කියන වචන ටික විතරයි..

“මාතෘභූමියේ සතුරන් අපේ සතුරන් ලෙසද මාතෘභූමියේ මිතුරන් අපේ මිතුරන් ලෙසද” නිරන්තරයෙන් සිතන පතන අපි කාලයට අනුව වෙනස් නොවූ අමු බයියන් ලෙස මිලින්ද රාජපක්ෂලාගේ පොත්වල පෙරවදන් වලින් යමක් ඉගෙන ගත යුතුව තිබේ..ඒ අපිද මිලින්දලා මෙන් පුලුල්ව,ලිබරල්වාදීව,
නූතනවාදීව සිතිය යුතුයි කියාය…

-මාලින්ද ඩයස්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More