එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇලස්ටයාර් කුක් ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඉන්දියාව සමග ලබන 7 වනදා ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ඔහු සදහන් කර ඇත.
දිගින් දිගිටම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇති අතර කුක් මෙම වසරේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 9කදී වාර්තා කර ඇති ලකුණු සාමාන්‍ය වන්නේ 18කි.
කෙසේ වෙතත් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු වන කුක් මේ වන විට ලබා ගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 12 254කි.
ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවන ඇලස්ටයාර් කුක් මීළග තරගයේ දී ලකුණු 146ක් ලබා ගත හොත් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පසු කර යාමේ අවස්ථාවද ඔහුට හිමි වනවා.
කුක් මේ වන විට ටෙස්ට් තරග 160කදී ශතක 32ක් සහ අර්ධ ශතක 56ක් වාර්තා කර කර ඇති අතර එක්දින තරග 92කට සහ 20යි 20 තරග 4කට ද ඔහු ක්‍රීඩා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...