ප‍්‍රධාන පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කුමන හෝ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරගවැදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තීරණය ලබන මස පැවැත්වීමට නියමිත එජාප 72 වැනි පක්ෂ සම්මේලනයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමටද නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහා සම්මේලනය ලබන 06 වැනි දින පෙරවරු 9ට සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රටේ ආර්ථිකය යහමඟට ගෙන ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා කරන ලද කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තුති පිදීම ඇතුළු යෝජනා කිහිපයක්ද එහිදී සම්මත කරගැනීමට නියමිතය.

මේවන විට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් ඉදිරි මැතිවරණයේදී තනි තනිව තරඟ කිරීමට නියමිතය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද ආණ්ඩුවේ කටයුතු කරන ප්‍රධාන පක්ෂ දෙක තනි තනිව මැතිවරණයට මුහුණ දුන් අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ඉතා පහල මට්ටමකට ඇද වැටී තිබිණි.

එම මැතිවරණයේදී වැඩි බහුතර බලය ලබා ගැනීමට හැකිවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඒ අනුව ඉදිරි මැතිවරණයට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පෙරමුණෙ තරග කරන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනු ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More