සිංහල රටේ විවිධත්වය සංකේතවත් කිරීම සදහා එහි කොටස් තුනක් විවිධ නම් වලින් හැදින්විනි.එනම් රුහුනු,මායා හා පිහිටි යන රටවල් ය.නමුත් මේ ආකාර වූ ප්‍රාන්ත හෝ කලාප බෙදීමක් නොවූ අතර ඒවා හුදු හැදින්වීමේ මාධ්‍යන්ම විය.ආර්ථික හෝ සමාජ වෙනස්කමක් මින් අදහස් නොකල අතර පාලනයේදී නම් රුහුනු රටේ හා මායා රටේ ප්‍රාදේශීය පාලකයන් යම් යම් කාලවලදී පමනක් සිටියහ.නමුත් නූතන සමාජ විද්‍යාකරුවන් හා ඉතිහාස කරුවන් විසින් මෙම හදුනාගැනීම රටවල් තුනක් ලෙස විස්තර කර දී බටහිර ලෝකයෙන් පශ්චාත් උපාධි හා විවිධ ප්‍රතිලාභයන් ලබා ඇත්තාහ.”ගිරානික” නොහොත් කිලිනොච්චිය ,”මූලදුව” නොහොත් මුලතිව්,”මාතොට” නොහොත් මන්නාරම යනු රජරට නොහොත් පිහිටි රටේ කොටස් බව මතකයට නොනැගෙන්නේ ඉහත සදහන් විකෘති කරන ලද දැනුම පාසලෙන් හා ජනමාධ්‍යයෙන් අප සිත් තුලට රිංගවා ඇති නිසාය.
රජරට
රජරට නොහොත් පිහිටි රට යනු අනුරාධපුරය හා පොලොන්නරුව රාජධානි පිහිටි කලාපයයි.වත්මන් අනුරාධපුර ,පොලොන්නරුව,මහවැලි ගගින් උතුරේ ත්‍රීකුනාමලය දිස්ත්‍රික්කය,මුලතිව්,වව්නියාව,කිලිනොච්චිය,මන්නාරම සහ යාපන දිස්ත්‍රික්කයන් ඒ තුල සංගෘහිත විය.උතුරේ යාපන අර්ධද්දීපය වැව් හෝ ගොවිතැන් නැති තල්ගස් හා ලදුකැලෑ සහිත නිසරු භූමි භාගයක් විය .මන්නාරම අසලද මුහුදුබඩ වැලිතලාවන් එබදුම වූ තල්ගස් හා කටු පදුරු සහිත ප්‍රදේශයන් විය.රනමඩුව( ඉරනමඩු) හා අක්කර වැව ( අක්කරායන් කුලම්) උතුරේ අවසාන වැව් දෙක විය.ඉන් උතුරට ජනාවාස හීනවුනි.යුධවැව නොහොත් යෝධ වැව බටහිර දෙසට අවසන් මහවැව විය.ඉන් බටහිර ජනාවාස හීන වී ගියේය.
රනමඩුව වැවෙන් උතුරේදී හා යෝධ වැවෙන් බටහිරදී ගොවිතැන් නැතිව ගිය අතර වරාය හා වෙලද ජනාවාසයන් දෙකක් පමනක් තිබුනි.උතුරේ යාපා පටුන හා බටහිරේ මාතොට වරාය මෙම ජනාවාශයන් දෙකය.යාපනය වරාය හැරුනු විට නාගදීපය ,පුවගුදීප( පුන්කුඩුතිව්) වැනි තවත් වෙලද වරායන් තිබූ නිසා නාග පටුන යනුවෙන් ද යාපා පටුන හදුන්වන ලදි.මෙම වෙලද හා වරාය ජනාවාශ පාලනය කරන ලද්දේ සිංහල රජුගේ යටත් නිලධාරින් විශේෂයක් වූ මුදලි නම් අය විසින් බව ක්වේරෝස් පියතුමා තම කෘතියේ විස්‍තර කරයි(එම කෘතිය ත්‍රීකුනාමලය පුස්තකාලයේ තිබේ)
මුදලි යනු මුදල් කටයුතු භාරව කලමනාකරනය කරන ලද කලමනාකරුවන් නොහොත් මුදලාලිවරුය.උතුරේ යාපා පටුනෙහි මුදලි පාලනය අවසන් කර රජ පවුලේ කුමරෙකු එහි පාලනය ඇරබුවේ කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුන් දවස සපුමල් කුමරුන් විසින් බවද ක්වේරෝස් පවසයි.සපුමල් කුමරු හයවෙනි බුවනෙක බාහු නමින් කෝට්ටේ රජ වී වසර හතක් පාලනය කල අතර ඒ කාලයේදී යාපනය නැවතත් මුදලිවරයෙකු යටත තිබූ නමුත් ඉන් පසු කලෙක ආර්‍ය් චක්‍රවර්තී නම් හමුදාපතියා ක්‍රි ව 1473 දී පමන සිංහල රජුව වර්නනා කර කෝට්ටේට කප්පම් ගෙවමින් පාලනය කල බවද ක්වේරෝස් කියයි.නමුත් මෙම කරුනු බැහැර කරන අප ඉතිහාසකරුවන් විසින් පිලිගෙන ඇත්තේ යාල්පාන – වයිපමාලෙයි නැමැති පච කෘතියෙහි සදහන් ප්‍රබන්ධයන් ය.(මේ පිලිබදව විස්තරය පසුව)
ලංකාව පුරා වැව් තිබුනද වැව් බැදි රාජ්‍ය යනු මෙම රජරටම විය .ශිෂ්ටාචාරය ප්‍රතිස්ටාපනය වුනු කලාපය නිසාම ඊට පිහිටි රට යැයිද කියති.එබැවින් සිංහල ශිෂ්ටාචාරයේ තිබිරිගෙය හා තොටිල්ල වූයේ රජරට නොහොත් උතුරු දිග තැනිතලාවයි.
ලංකාව දකූනු ආසියානු මෝසම් සුලං කලාපයේ පිහිටි අතර එම මෝසම් සුලං කලාපයට ආවේනික ජනාවාශ රටාව මෙන්ම ශිෂ්ටාචාර රටාව වන්නේ ගංගා නිම්න ජනාවාශ හා ගංගා නිම්න ශිෂ්ටාචාරයන් ය.විජය කුමරු ලෙස වංශ කතාවන්හි හදුන්වන සංක්‍රමනික නායකයා කලාඔය ,මල්වතු ඔය හා මී ඔය ආශ්‍රිතව උතුරු ඉන්දියානු වර්ගයේ ගංගා නිම්න ජනාවාස සහ ගංගා නිම්න ශිෂ්ටාචාරයක් බිහි කිරීමට දරන ලද උත්සාහය හෙලයන් විසින් පරාජය කරන ලදි .අනතුරුව මෙම ගංගා නිම්න ජනාවස වල සිටි පිරිස සිංහල වැව් ශිෂ්ටාචාරය තුලට අන්තර්ග්‍රහනය කිරීමෙන් පසු ඔවුහුද හෙලයන් බවට පත් වූහ.මේ පන්ඩුකාබය කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
හෙලයන් නොහොත් සිංහලයන් තම කලාපයේ සම්ප්‍රධායෙන් බැහැර වී ලංකාවට ආවේනික වැව් ශිෂ්ටාචාරයක් බිහි කිරීමට හේතු සොයාගන්නා ලද්දේ 1835 -1845 කාලයෙ සිටි ආරම්භක වැවිලි කරුවන් විසිනි.ඔහුන්ගේ ගනන් බැලීමට අනුව ලංකාවේ ගස් වැල් සතුන් හා මිනිසුන්ගේ අවශ්‍යතාවය මෙන් හය ගුනයක් ජලය ඊශාන දිග හා නිරිත දිග මෝසම් සුලං දෙක මගින් ලංකාවට ලැබේ.මේ නිසා වැස්ස වැටෙන ස්ථාන වල වැව් බැද ඒ අවට ඇතිවන දිය පාරවල් වැවට යොමු කිරීමට හැකියාව තිබිනි.දකුනු ආසියාවේ සිදු වුනේ වැස්ස වැටී ජලය ගලාගොස් දියපාරවල් ගංගා වලට එකතු වී එම ගංගා වල ඉහල නිම්නයද පසුකර මැද හා පහල නිම්නවලට ආ විට එම ගංගාධාර වල ජලය ඇසුරින් කෘෂිකර්මාන්තය කිරීමය .ලංකාවේදී වර්ෂාවෙන් වගාවට මදිවන ජලය ගංගා වල බදින ලද අමුනු මගින් ලබා ගැනින.එමෙන්ම තනි තනි වැව් නොව මහා වැව් පද්ධතීන් තිබීම නිසා අවශ්‍ය ජල ප්‍රමානය වැව් තුල ගබඩා වී තිබුනි.
වැව මෙන්ම උස් බිම් වගා ක්‍රමය වූ හේනද ලංකාවට ආවේනික දෙයක් වුනේ අහසින් වැටෙන ජලය උස්බිම්වලදී උපරිම ප්‍රයෝජනයෙන් යුතුව පරිබෝජනයට ගත් නිසාය.බහු බෝග හේන 20 වැනි සියවස ආරම්භ වනතුරුත් මෙරට පැවතිනි.සිංහල හේන යනු කුමක්දැයි දැන ගැනීමට අද ශේෂ වී ඇත්තේ 1894 දී වොයෙල්කා නැමැති කෘෂි විද්‍යාකරුවාගේ වාර්තාව පමනි.ලංකාවේ ගොවිතැන් ක්‍රම අගයාලීම නිසා අධිරාජ්‍ය ආන්ඩුව විසින් එම වාර්ථාව විසිකර දමන ලදි.
ගම නැමැති ජනාවසයේ සංයුතිය තවමත් පාරම්පරික ජනකතා හා තොරතුරු මගිනුත් විදේශ වාර්තා වලිනුත් දැනගැනීමට හැක.මේ සෑම තොරතුරකින්ම ප්‍රකාශ වන්නේ රජරට ශිෂ්ටාචාරය හා සංස්කෘතිය සොබාදහම හා බැදි ස්වයං පෝෂිත හා සමෘද්ධිමත් තත්වයක පැවති බවයි.පුරාවිද්‍යාත්මක නටබුන් ඇසුරින් දත හැක්කේ බෞද්ධ සංස්කෘතික ලක්ෂනයන් පමනි.
රෝහණය
රුහුනෙහි සිට ආ ගැමුනු විසින් මුලු ලංකාවම එක්සේසත් කිරීම නිසා මහා ශිෂ්ටාචාරය රජරට වී රෝහනය ද්වීතියික විය.මහවැලි ගගෙහි සිට නැගෙනහිර තැනිතලාව ඔස්සේ දකුනට විහිදී අනතුරුව දකුනු දිග තැනිතලාව දිගේ බටහිරට විහිදී අවසානයේ නිරිත දිග තැනිතලාවේ කලු ගග දක්වාම එකම රුහුනු රට පැවතුනි.මහවැලි ගගෙහි සිට වලවේ ගග දක්වාම දකුනට වියලි කලාපීය ලක්ෂන වලින් යුත් වූ රෝහනය ,එතැන් සිට නිල්වලා ගග දක්වා බටහිරට අන්තර් කලාපීය ලක්ෂන වලින් යුතුවේ.නිල්වලා ගගත් බටහිරට කලු ගගත් දක්වාම එය පූර්න තෙත් කලාපීය ලක්ෂන වලින් යුක්තය.
මඩකලපුව ප්‍රදේශය රෝහනයෙහි වැදගත්ම කලාපය විය.මද්දකලාපය නැමැති නාමය ඊට භාවිතා විය.මද්ද කලාපය යන නම සදහන් වන්නේ ආරම්භක සීක් නායක වූ ගූරුනාතක් ලංකාවේ කල සංචාරයන් පිලිබදව කීර්පල් සිං විසින් ලියන ලද ලියවිල්ලකය( එය ත්‍රීකුනාමලය පුස්තකාලයේ තිබේ) මෙම මද්ද කලාපය දෙමල කට වහරට මඩ්ඩකලපම් වී අන්තිමට මඩ්ඩකලපු ලෙසට ශේෂ විය.එමෙන්ම ඉංග්‍රීසි කට වහරට බැටිකලෝ(Batticaloa) වී ඇත්තේ බත්කලාව නැමැති සිංහල නාමයයි.වෙල් ලක්ෂය යන අර්ථවත් වෙල්ලස්සද ගල් ඔය ආශ්‍රිතව පැවැති මහා වෙල් යාය වේ.
කුබුක්කන් ඔය හා මැනික් ගග අතර කලාපය ඉතා සාරවත් වූද පෘතිවි බලයෙන් වඩාත් ශක්තිමත් වූද ,ගිනිකොන දිග ශක්ති කලාපය විය.අනුරාධපුර ශිෂ්ටාචාරයට පලමුව හෙල නාගයින්ගේ රාජ්ධානිය මෙම කලාපය විය.නාග යනු නාවික වෙලදුන් ය.මෙම ශිෂ්ටාචාරය පිලිබද තොරතුරුත් ,සුනාමියත් සහිතව ගොඩබිම මුහුදට ගිලායාමෙන් විනාශ වූ අයුරුත් ,අනතුරුව හෙලයන් විසින් වැව් සදා ගෙන තැනිතලාවෙහි පැතිරී ගිය ආකාරයත් හැඩ ඔය මෝය අසල පුරාන කැලනියේහි තිබූ මහා නාවික විශ්ව විද්‍යාලය ගැනත් තොරතුරු සමකාලීනව ලොව තිබූ අනික් නාවික විශ්ව විද්‍යාලය වන ඇලෙක්සැන්ඩ්‍රියාවේ ( ඊජිප්තුවේ) වාර්ථාගත වී ඇත.මාතර දිසාපති ( කලෙක්ටර්) ලෙස කටයුතු කල ජෝන් ඩොයිලි මෙම ශක්ති කලාපය පිලිබද තොරතුරු අසා තිබිනි.එමෙන්ම 1817 වෙල්ලස්සේ මහා නිදහස් අරගලයට බත සැපයීම කුබුක්කන් ඔය ආශ්‍රිත මහ වෙල් යායෙන් සිදුවුනි.මෙ නිසා බ්‍රවුන්ඩ්‍රික් ආන්ඩුකාර තැන විසින් කුබුක්කන් ඔය හා මැනික් ගග අතර කලාපයෙ මිනිසුන්ට පහල ඌවේ කැලෑ එලිකරගෙන ජනාවාශ ඇතිකර ගන්නට නියම කර පහල ඌවේ කැලෑ වල සතුන් කුබුක්කන් ඔය හා මැනික් ගග අතර ශක්ති කලාපයට එලවා එය යාල අභය භූමිය බවට පරිවර්ථනය කෙරිනි.මහ වෙල් යායට වතුර සැපයූ කුබුක්කන් කුමරු විසින්( කුම්බකර්න) නිර්මානය කරන ලද මහා වැව් අමුනු වෙඩි දමා පුපුරුවා හරින ලද බවට අදත් ප්‍රදේශවාසීහු සාක්ෂි දරති.මෙම විනාශ වී ගිය අමුන තම ඇසින් දුටූ අය පසුගිය දවසක අප හට මුන ගැසින.
මායා රට
මායා රටද මහා ශිෂ්ටාචාරයෙන් බැහැරව පිහිටි තෙත් කලාපීය භූමි ප්‍රදේශයකි.තෙත් කලාපයෙන් වියලි කලාපයට මාරුවන අන්තර් කලාපයක් මා ඔය දෙපස ඇත.එම මා ඔය මායා රටේ උතුරු සීමාවයි.නමුත් දකුනු සීමාව වන කලු ගග පිහිටියේ සම්පූර්න තෙත් කලාපයේය.මායා රටේ නැගෙනහිර සීමාව වන්නේ තැනිතලාව අවසන් වී කදුකරය ආර්ම්භ වීමයි.රුහුනු රටෙහි නිරිත දිග තැනිතලාවට වඩා මායා රට භූගෝලීය වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් වෙනසක් නැත.මෙයද ජනගහනයෙන් අඩු හා ජනාවාශ තැනින් තැන පමනක් පිහිටි නොවැදගත් කලාපයකි.
මලය රට
මලය යනු කදුකර යන අර්ථයයි.ලංකාවේ මධ්‍යම කදුකරය මලය රට් නම් විය.මෝසම් සුලං වලින් වලාකුලු ඇද බැද ජලය ලබාදීමට හේතුවන උස් කදුමත ඝන වනාන්තර පිහිටි කලාපය ඉන් අදහස් වේ .එබැවින් අතීතයේදී කදුරට වනාන්තර එලිපෙහෙලි කර ජනාවාශ ඉදිකිරීමක් සිදු නොවීය.වර්ෂාව ලැබීම රදා පැවතුනේ මෙම මධ්‍යම කදුකරයේ ස්භාවය අනුවය.තැනින් තැන ඉතාමත් හුදෙකලාව පැවති ජනාවාස අතලොස්සක් පමනක් මෙහි විය.සතුරු බිය ආ විට රජවරු සැගව රැකවරනය ලබාගන්නේ මලය දේශයේය.එසේ සැගවී සිට හමුදා සංවිධානය කර ගැනීමද බොහෝවිට සිදුවින.ලෙන් විහාරස්තාන බොහෝමයක්ම මලය රටෙහි දක්නට ඇත.ත්‍රීපිටකය සංගායනාකර ලියූ අලු ලෙනද එබදු විශාල ලෙනකි.දබුල්ල ප්‍රධානතම ලෙන් විහරය වේ.මුහුදු බඩ යුරෝපීය බලය පැතිරුනු විට අවසන් සිංහල රාජධානිය වුනේ මධ්‍යම කදුකරයේ පිහිටි සෙන්කඩ ගල නුවරයි.ගිරි දූර්ග වන දූර්ග ආදියෙන් හෙබි මෙය යුධෝපාය අතින් වැදගත් ය.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ සිංහල ශිෂ්ටාචාරය පැවති උතුරු හා නැගෙනහිර දිග තැනිතලාවන් දෙක රජරට හා රුහුන බවයි.සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බිහි වූයේ මෙහිය.වැව් බැදි රාජ්‍ය පුරාම පොලොව කනින විට මතුවන්නේ පුරාවස්තූන් ය.
1833 දී අධිරාජ්‍ය පාලනය විසින් කෝල්බෲක් කොමිසමේ නිර්දේශයට අනුව පරිපාලන පහසුව තකා ලංකාව පලාත් පහකට බෙදන ලදි.එනම් උතුර,දකුන,නැගෙනහිර ,බටහිර,මධ්‍යම යනුවෙනි.මේවාට සීමාවන් දක්වන ලද්දේ මිනින්දෝරු මැනුම් මගිනි.එහිදී මුලු මහත් රජරට නොහොත් උතුරු දිග තැනිතලාව ඉන්පසු උතුරු පලාත ලෙස හැදින්විනි.රෝහනයේ කොටසක් වන නැගෙනහිර වෙරල ආශ්‍රිත තැනිතලාව පමනක් නැගෙනහිර පලාත බවට පත් විය.1833 දී එම බෙදීම සිදුවී වසර 143 දී මහා ආශ්චර්‍යක් සිදුවිය.එනම් එම උතුරු පලාත හා නැගෙනහිර පලාත අවුරුදු 3000 ක් පැරනි සම්ප්‍රදායික දෙමල නිජබිම විමයි .1976 සිට අවුරුදු 11 කට පසු ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් 1987 දී එම දෙමල නිජබිම පිලිගන්නා ලදි.
1833 දී බෙදන ලද ආරම්භක උතුරු පලාතට යාපනයේ සිට දකුනට දබුල්ල මිරිස්ගෝනි ඔය දක්වා කලාපය අයත් විය.අනුරාධපුරය ඇතුලු මුලු රජරට ඊට ඇතුල් වුනි.මෙබැවින් 1990 පමන වනවිට ඊලාම් වාදීන් ප්‍රකාශ කරන්නට වුනේ වත්මන් උතුරු පලාත නොව 1833 ආරම්භක උතුරු පලාත දෙමල නිජබිමේ නිවැරදි සීමාවන් බවයි.මේ බව ප්‍රචාරය කරන ලද්දේ යුරෝපීය රටවල හා කැනඩාවේය.
1987 ජූලි මස 29 වෙනිදා අත්සන් කරන ලද ඉන්දු ලංකා සාම ගිවිසුම මගින් පිලිගැනුනේ උතුරු හා නැගෙනහිර පලාත් සම්ප්‍රදායික දෙමල නිජබිම බවය.එසේ පිලිගනිමින් ජයවර්ධන ජනපති ඊට අත්සන් තැබීය.අනතුරුව පාර්ලිමේන්තුව විසින්ද එය පිලිගෙන උතුරු නැගෙනහිර පලත්වලට වෙන වෙනම පාලන බලතල බෙදාදීම සදහා ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 13 වෙනි සංසෝධනය ඇතිකරන ලදි.ලොකුම අවාසනාව වුනේ ජනවාර්ගික ප්‍රශ්නයක් ඉතිරි නිරෝගී පලාත් 07 ට පලාත් සභා ලැබීම හා විසදුම අවශ්‍ය වූ රෝගී උතුරු හා නැගෙනහිර පලාත් දෙක එය ප්‍රතික්ෂේප කිරීමය.මෙසේ ලෙඩා බෙහෙත ප්‍රතික්ෂේප කල නිසා බෙහෙත් බිවූ නිරෝගී පලාත් 07 දැන් ලෙඩ වී සිටිති.
මෙසේ වන්නට හේතුවක් ඇත.එය නම් උතුර හා නැගෙනහිර පලාත් දෙමල නිජබිම නොවීමය……
මතු සම්බන්ධයි…..
සංජීව ජයවීර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...