ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (4) පස්වරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය – කොළඹට විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.

විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (5) නිවේදනය කරන බවද ඔහු කීය.

මෙම විරෝධතාවය ඉතාම සාමකාමීව පවත්වන බවත් ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය අනුව විරෝධතාවය දිගටම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More