මුහුණු පොතෙන්

මේ අප ගතකරන්නේ දේශපාලනමය වශයෙන් අතිශය අවිචාරවත් සහ අවිනිශ්චිත සමයෙකි. උතුරෙන් ජාතිවාදය ඇවිස්සීමට බලාසිටින තිරශ්චීන දමිල දේශපාලුවන්ය, දකුණෙන් ඊට සමගාමීව ඇවිස්සෙන්නට බලා සිටින ජාතිවාදීන්ය. එයින් ප්‍රයෝජන ගැනීමට බලා සිටින නිරාගමිකයින් සහ නොයෙකුත් අන්තවාදි ආගමික කල්ලි කොටස්ය. මේ ජංජාල වලින් කල දූටු කල වල ඉහගන්නා රට කැඩීමට බලාසිටිනා විදේස් බලවේගයන්ය.

මේ සියල්ල අතරින් බුර බුරා ඇවිලෙන ජාතික වේදිකාවේ දෙකොන විලක්කුවය. මෙවන් අවිනිශ්චිත සමයෙකදී ජාතික වේදිකාව භේද භින්න කරවීමට මාන බලන සුවහසක් බලවේගයන්ට රුකුල් නොදී එකාවන්ව සොයුරු බැමින් බැදී සිටිනු විනා ප්‍රශ්න ඇතිකරගැනීම තරම් තවත් මුග්ධ කමක් මට නම් නොපේනේ.

මහින්ද මහතාගේ පාර්ශ්වය තරඟ කලයුත්තේ කවුරුන් සමග කෙසේ සන්ධාන්ගත වීදැයි තමව තීරණයක් නොමැත. එය තීරණය වෙනුයේ පොහොට්ටුව නීත්‍යානුකූල පක්ශයක්ද නැත්නම් හුදු සන්ධානගත බලවේගයක්ද යන තීරණය උඩය. ඒ සම්බන්ධයෙන් තවම කිසිදු තීරණයක් නොමැත. එය සිදු කරනුයේ මොන ක්‍රමයෙන්දැයි මූද හත්ගවුවක් තිබියදී පිට පොට නොගසා ඉවසීමෙන් බලාසිටිමු..

සියල්ල සුදුසුම විලසකින් සිදුවේ යයි දෑස් දල්වා බලාසිටින ජනතාවගේ බලාපොරොත්තු සපල කිරීම්වස් අවස්ථානුකූල සහ ඥානවන්ත තීරනයක් ගැනීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ මහින්ද මහතාටය.
ජනතාව ඔහුට දී ඇති ඒ බාරදූර වගකීම සුලු කොට තැකීමට ඔහුට නොහැකිය.

යම් හෙයකින් මේ මැතිවරණය දිනාගත නොහැකි වූවොත් එය සමස්ත ජනතාවගේ මෙන්ම ජාතිකවාදීන්ගේ ද, ශ්‍රීලංකා නිදහස් පක්ශයේද, පොදුජන පෙරමුණේද අවාසනාවන්ත මරණීය ඛේදාන්තය වනු ඇත.

එම නිසා සුදුසුම තීරණය ගැනීමට මහින්ද මහතාට හැකි වේයයි බලාපොරොත්තුවෙන් ජාතිකත්ව වේදිකාව කුලල් කාගැනීමෙන් තොරව සිටිය යුතුය.

එසේ නොවුවහොත් වෙන්වී නැසෙනු විනා වෙන යම් සුගතියක් මොනම විදිහකින්වත් බලාපොරොත්තු විය නොහැකිය.. සමගියෙන් එක්වී ජයග්‍රහණය කරා යමුද? එසේ නැතිනම් වෙන්වී නැසෙමුද? තීරණය මව්බිමට ආදරය කරන දේශප්ප්‍රේමීන් වන ඔබටම බාරයි.

Peshala Gamhewa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More