Uncategorized

භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම ජනතාවතුළද දැඩි කතාබහක් පවතී.

මේවන විට දේශපාලන විචාරකයෝද ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ලංකාගමනය පිළිබද විවිධ මත පළකරති. ලංකා ලීඩ් නිවුස් අප වෙත ලැබී ඇති ලිපියකට අනුව

‘‘2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත වටයකින් පරාජය කිරීම සඳහා සකස් කළ ඉන්දු -අමෙරිකානු න්‍යාය පත්‍රය පිළිබඳ බොහෝ රහස් මේ වන විට හෙළිදරව් වී ඇත. ඒවා පිළිබඳ නැවත කතා කිරීම අවශ්‍ය නැත. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අතුගා දැමීම සදහා කළ හැකි සියල්ල කළ ඉන්දියාව දැන් ඔහුගේ අත සිඹීමට පැමිණෙන්නේ 2010 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිසාම පමණක් නොවේ. විශේෂයෙන්ම මෛත්‍රී- රනිල් ආණ්ඩුවේ දීර්ඝකාලීන පැවැත්ම පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය තුළ ඉන්දියාවට දැන් මහින්ද රාජපක්ෂ දෙස බැලීමට සිදුවී ඇත. මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ මිත්‍රයෙක් ලෙස තෝරාගෙන ඇති බව පිළිගත නොහැක. එම නිසා ඉන්දියාව මහින්ද රාජපක්ෂ දෙස බලන්නේ පළමු සැලසුම වැරදුනහොත් දෙවන සැලසුමක් ලෙස බවට පිළිගත හැක. මහින්ද රාජපක්ෂයන්ට “භාරතරත්න“ සම්මානය ලබාදීමට යෝජනා වන්නේ එසේ කරන දේ හරියට කිරීම සඳහා බවටද සැකයක් නැත. මීට පෙර එම සම්මානය ලබා දී ඇත්තේ නෙල්සන් මැන්ඩෙලාටය. එහෙත් ඔවුන් ඔහු පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් කරන බවටද සැකයක් නැත. එම ලිට්මස් පරීක්ෂණය යනු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය බවට කිසිදු සැකයක් නැත. දැනටමත් ඔවුන් යුද්දයෙන් පසු රට ගොඩනැගීම පිලිබද දේශනයක් කිරීමට ආරාධනාකොට ඇත. එම ආරාධනාව තුලින් මීට පෙර 13+ යනුවෙන් ශිවසංකර් මෙනන් විසින් ඇලවූ ලේබලය නැවතවටයකින් මහින්ද රාජපක්ෂකන්ගේ පිටේ ඇලවීම සදහා සුබ්‍රමණියම් ස්වාමිව යොදා ගැනීමට අජිත් ඩොවැල්ලා උත්සාහ කරනු ඇත.”

මෙම ලිපියේ ඉතිරි කොටස සහ සම්පූර්ණ ලිපිය කිවවීම සදහා මෙතනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More