පසුගිය සතිය ආරම්භයේ කථානායකවරයා විශේෂ පක්ෂ රැස්වීමක් කැඳවනු ලැබුවේය. එතැනදී සාකච්ඡා වූයේ ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් සහභාගී වී සිටියේය. එහිදී කථානායකවරයා කීවේ සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල පාර්ලිමේන්තුව රැස් නොවිය යුතු බවට තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බවය.
‘මට ඉහළින් උපදෙසක් ලැබිලා තියෙනවා සැප්තැම්බර් 05, 06 පාර්ලිමේන්තුව කල්දාන්න කියලා’ කථානායක කීවේය.
‘ඒ මොකද? දිනේෂ් ඇසුවේය.
‘ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය 05 වෙනිදා පාර්ලිමේන්තුව වටලන්න එනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තුව කල්දාන්න කියලයි මට උපදෙස් දුන්නේ’ කථානායක පිළිතුරු දුන්නේය.
‘අපි එන්නේ කොළඹට. තවම අපි එන තැනක්වත් තීන්දු කරලා නැහැ. ආණ්ඩුව අපේ උද්ඝෝෂණයට දැන්ම බයවෙලා. පාර්ලිමේන්තුව කල්දාන එකට නම් අපි සම්පූර්ණයෙන් විරුද්ධයි’ දිනේෂ් කීවේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල්දැමීම සම්බන්ධයෙන් එදින පක්ෂ නායක රැස්වීමේ දී තීන්දුවක් ගත්තේ නැත. පසුව පාර්ලිමේන්තු ලොබියේ දී මන්ත‍්‍රීවරුන් කතා කරමින් සිටින අතරතුර කියැවුණේ පාර්ලිමේන්තුව කල්දැමීමට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා බවය. ‘ජේ. ඕ කාරයෝ ටික පාර්ලිමේන්තුව වටලයි. ඒ හින්දා පාර්ලිමේන්තුව තියන්න එපා’ ජනාධිපතිවරයා කියා ඇති බවත් එහිදී හෙළිදරව් විය.
පළාත් සභා පනත පරදවන
ගේම් එකේ අයිතිකරැ කවුද?…
”පනත සම්මත වෙන්නම ඕනේ නෑ. ඒ වාර්තාව ගැන පක්ෂ එකඟ නෑ. පාර්ලිමේන්තුවේදී ප‍්‍රතික්ෂේප වුණේ ඒකයි. දැන් මගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. කමිටුවත් පක්ෂ නායක මතය විමසනවා. දැනට පවතින නීතිය යටතේ ඡුන්ද තියන්නත් බෑ. උපලේඛන හදලා නෑ. සංශෝධන 02 ක් එන්න ඕනෑ. කල් දදා ඉන්නවට වඩා පවතින නීතියට සංශෝධිත ගෙනැත් ඡුන්දය තියමු කියලයි අපි කියන්නේ.’ අගමැතිගේ විග‍්‍රහය එය විය.
”ඡුන්ද කල්යෑම හා නොපැවැත්වීම ආණ්ඩුවට හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් ඡන්ද තියන්න අපි ක‍්‍රියා කරමු’ නවීන් දිසානායක කීය.
”පනත පාර්ලිමේන්තුවේදී හිරවූ නිසා ජනපති නෙවෙයි අගමැතිට අස්වෙන්න කියලා මහින්ද කිව්වා’ දයා ගමගේ කීවේය.
”පක්ෂ නායකයෝ කතා කරල මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ‍්‍රීලනිප ඇමැති කෙනෙක්. බහු ආසන ගැන ප‍්‍රශ්න තිබුණා. ජවිපෙ හා ශ‍්‍රීලනිපයයි එකඟ වුණේ මේ පනතට. පස්සෙ ශ‍්‍රීලනිපයත් බෑ කීවා. ජවිපෙ ඡුන්ද වෙලාවෙ ගියා’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
සීමා නීර්ණ ගැටලූ
හොයන්න කමිටුවක්…
පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යෑමට ඇති ඉඩකඩ පිළිබඳව දේශපාලන ලෝකයේ අනාවැකි පළ වෙමින් තිබිය දී පාර්ලිමේන්තුව පැත්තෙන් පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට කථානායකවරයා කටයුතු කරමින් සිටී. මේ බව වඩාත් ප‍්‍රකට වූයේ උතුරු කොරියාවේ විදෙස් ¥ත මෙහෙවරකට නායකත්වය දෙමින් සිටිය දී වුවද පළාත් සභා මැතිවරණයට අදාළව සීමා නීර්ණ ගැටලූ සලකා බැලීම සඳහා පළාත් සභා මැතිවරණ පනතේ 4(12) වගන්තිය අනුව පත් කළ යුතු පංච පුද්ගල කමිටුව පත් කිරීමට හෙතෙම කටයුතු කිරීමය. ආපසු දිවයිනට පැමිණීමට ගතවන දින කිහිපය හෝ ප‍්‍රමාද නොකර අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල් යන සාමාජිකයන් ඇතුළත්ව එම කමිටුව පත් කිරීමට කථානායකවරයා කටයුතු කළේය.
මේ අතර, පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපයන් අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස වහාම සිය අවධානය යොමු කළ කථානායකවරයා එතෙර සිටම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන්නේ එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට දෙපාර්ශ්වයම කැඳවීමට කටයුතු කරන ලෙසයි. කිසියම් හෝ ස්වාධීන කොමිෂන් සභාවක් පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයක් පැන නැගීම හෝ ජනතා විශ්වාසය පළුඳුවීමට ඉඩ නොතැබිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...