ප්‍රශ්නය:- ඔබ හිතනවද එජාපයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දිනන්න පුළුවන් කියලා?
පිළිතුර:- මතක තියාගන්න. එතුමා මාත් එක්ක පැහැදිලිව කිව්වා එන සැරෙත් අපෙන් ඉදිරිපත් වෙන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. එතකොට කාටවත් ඕනෑ එ්ක නොෙවයි වෙන්නේ. ඒකේ නායකයම කියනවා එන්නේ පොදු අපේක්ෂකයෙක් කියලා. අන්න ඒ මාර්ගයේ තමයි අපි යන්නේ.
ප්‍රශ්නය:- ඒ පොදු අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විය නොහැකියි?
පිළිතුර:- එදාට තමයි ඒක තීන්දු කරන්නේ. අද කියන්න බැහැනේ. දැන් තමුන්නාන්සේලා කවුද හිතුවේ 2014 නොවැම්බර් මාසය වෙනකොට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙයි කියලා? අන්තිම රාත්‍රිය වෙනතුරු අපි හංගාගෙන හිටපු චරිතයක් තමයි ජනතාව සම්පූර්ණයෙන්ම බදා වැලඳ ගෙන රජ ගෙදරට ගෙනිච්චේ
ප්‍රශ්නය:- ඔබ සුවපති අභිෂේක ලබන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න බලාගෙනද?
පිළිතුර:- එහෙම නම් ජනපති කියල නේ අභිෂේක ලබන්න ඕන. සුවපති කියලා මට කියන්නේ සෞඛ්‍යයට අධිපති මම නිසයි.
ප්‍රශ්නය:- හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිට ජනාධිපති වෙන්න පුළුවන් වුණා වගේ ඉන්න සෞඛ්‍ය ඇමැති වෙන ඔබටත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා කවුරුහරි ශාස්ත්‍රකාරයෙක්වත් කිව්වද?
පිළිතුර:- එහෙම නෑ. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. ඕවා පිටිපස්සේ ගිය කවුරුවත් මේ රටේ නායකයෝ වුණේ නැහැනේ. මේ රටේ නායකයෝ වුණේ එහෙම බලාපොරොත්තු නැතිව තමන්ගේ දේශපාලන ගමන ගිය අය.
අමාත්‍යවරයා ෙම් බව සදහන් කෙල් ලංකාදිප පුවත් පතට සම්මුක සාකච්ඡාවක් ලබා ෙදමින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...