වත්මන් නැගෙනහිර පලාත සෑදී ඇති ත්‍රීකූනාමල,මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයන් ඇතුලත් සුන්දර භූමිභාගය අතීතයේදී රෝහනය ලෙස හැදින්විනි.මේ නැගෙනහිර රෝහනයයි.අමිශ්‍ර සිංහල දේශයක්ව තිබූ මෙම රුහුන තුල සෙන්කඩකල සෙනරත් රජතුමා විසින් ක්‍රි,ව 1624 දී අවට කාලයේදී මුස්ලිමුන් 400 ක් පදිංචි කරවන ලදි.ඔහුන් සිංහල රජුවෙත පලා ආවේ පෘතුගීසීන් විසින් ඔහුන්ව සමූල ඝාතනය කිරීමට උත්සාහ කිරීම නිසාය.මෙම මුස්ලිමුන් නිසා අඩක් සිංහල හා අඩක් ඉස්ලාමීය වූ ( වත්මක් ඉන්දුනීසියාවේ බදු) එනම් සංස්කෘතියෙන් දේශීය වූ හා ආගමින් ඉස්ලාමීය වූ පිරිසක් 1815 වන විට බිහිවී සිටියහ.සිංහල නම් ඇතිව සිංහල බස කථාකරමින් ගොවිතැන් ,වෙලදාම්,දැව කැපීම,අලි ඇල්ලීම ,දඩයම,හා මීපැනි එකතු කිරීම ,ධීවර කර්මාන්තය ආදියෙහි ඔවුහු නියුක්තව සිටියහ.මුස්ලිමුනුන් ගැන තත්වය එසේ වුවද ලන්දේසින්ට සේවය කරන ලද මඩකලපුව අසල කුඩා දූවක පදිංචි කරවා සිටි දෙමල පවුල් කිහිපය හැර 1850 ට පෙර දෙමල ජනවාසයන් නැගෙනහිර පලාතෙහි පැවති බවට ඓතිහාසික සාක්ෂි හෝ ජනප්‍රවාද හෝ කිසිවක් නැත.අනුරාධපුරයට හා පොලොන්නරුවට දකුනු ඉන්දියානු ආක්‍රමනයන් එල්ල වුවද නැගෙනහිර රෝහනයට එබදු දකුනු ඉන්දියානු ආක්‍රමනයන් ද එල්ල නොවීය.
1817-1818 වෙල්ලස්ස නිදහස් අරගලය නොහොත් ඉතිහාස පාඩමේ සදහන් “කැරැල්ල” සිදුවන විට නැගෙනහිර පලාත පූර්න සිංහල ප්‍රදේශයකි.ඉන් බැහැර ජාතියක් රුහුනෙහි නොවුහ.ඉහත සදහන් කරන ලද සෙනරත් රජු විසින් පදිංචි කරවන ලද මුස්ලිම් අතලොස්ස නිසා එම පිරිස ශක්තිමත් කිරීමේ අරමුනින් හජ්ජි මරික්කාර්ව ඉංග්‍රීසීන් විසින් වෙල්ලස්ස පාලනය සදහා පත්කරන ලදි.1817 අරගලයේ ආසන්න හේතුව මෙය විය.රට භාරගෙන අවුරුදු දෙකක් ගතවෙද්දීම උපක්‍රමයශීලීව සිංහලයා දුර්වල කිරීමට හා සුලු ජනවර්ග බලවත් කිරීමට තම සුපුරුදු තම අධිරාජ්‍යවාදී න්‍යාය ක්‍රියාත්මක කරවීමට ඉංග්‍රීසීහු මැලි නොවූහ.
1818 වෙල්ලස්ස නිදහස් අරගලය මැඩලීමට ඉංග්‍රීසීන් පාවිච්චි කලේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් වඩා මිලේජ්ජ හා තිරිසන් උපක්‍රමයන් ය.බ්‍රවුන්රිග් ආන්ඩුකාර තැන ගේ පංච විධ ක්‍රියා කලාපය දෙස බැලීමෙන් ඒ බව පැහැදිලි වේ.
01 පල දරන ගස් කැපීම( ආහාර විනාශකල විට ගස්ගෙඩිවලින් යැපීම නිසා)
02 ජලය සපයන වැව් අමුනු පුපුරුවා හැරීම( ගොවිතැන අඩාල කිරීමට)
03 කෙත්වතු හා ගෙවල් ගිනිතැබීම (ආහාර හා නිවාස විනාශ කිරීමට )
04 වයස 18 වැඩි පිරිමින් මරා දැමීම ( විරුද්ද වාදීන් බිහිවීම වැලැක්වීමට)
05 ගවයන් මරාදමා හමුදාවලට අවශ්‍ය ප්‍රමානයට මස් පරිභෝජනය( ගොවිතැනට ආධාර වන හා කිරි සපයන මාර්ග නතර කිරීම)
මුලු නැගෙනහිර පලාතම ජන ශූන්‍ය කරවීමට ඉංග්‍රීසීන් යොදාගත් ඉතාමත් තිරිසන් උපාය වුනේ මිනිසුන් කිහිප දෙනෙකු මරා වැවකට හෝ ගංගාවකට නැතහෝත් ජලය ප්‍රයෝජනයට ගන්නා දියපහරකට දැමීමයි.එවිට එම මිනී කුනුවී ජලය විෂවී හටගන්නා වසංගත රෝග වලින් ප්‍රදේශයකම මිනිසුන් මිය යෑම සිදුවේ.මෙම උපක්‍රමයේ සාර්ථක බව නිසාම 19 සියවස මැදදී රතු ඉන්දියානුවන් විනාශ කිරීමට ඇමරිකානු එක්සත් ජනපදයද එම උපක්‍රමයම උපයෝගී කර ගතී.
1817-18 නිදහස් සටනට බත සපයන ලද්දේ දැනට යාල අභය භූමියට අයත්ව වල්බිහි වී ඇති මහවෙල් යායෙනි.මෙය අක්කර 20,000 ක් පමන විශාලය.කුබුක්කන් ඔයෙහි බැදි අමුනකින් මෙයට ජලය සැපයුනි.එබැවින් ඒ ආශ්‍රිත ජනාවාශවල පදිංචි කරුවන්ට ඉන් ඉවත්වී පහල ඌවට ගොස් එහි කැලෑව එලිකරගෙන පදිංචි වීමට බ්‍රවුන්රිග් ආන්ඩුකාර තැන නියෝග නිකුත් කලේය.ඒ අතරම ඌවේ වැසියන්ට නියෝග කලේ පහල පහල ඌවේ කැලෑවල වන සතුන් මහවෙල් යාය ප්‍රදේශයට එලවීමටය.වත්මන් යාල අභය භූමිය මෙසේ උපත ලැබීය.1815 ට පෙර මාතර දිසාපති ලෙස ජෝන් ඩොයිලි කටයුතු කල යුගයේදී දැනගත් රහසක් වුනේ ලංකාවේ ශක්ති කලාපය මෙම අග්නිදිග භූමි ඛන්ඩය බවයි.එබැවින් එය වසාදමා වනාන්තරයට යට කිරීමට පෙලබිනි.
ලයනල් ස්ට්‍රෙන්ජවේස් නැමැති බ්‍රිතාන්‍ය යුගයේ වැද්දන් ගැන ලියූ ලේඛකයා පවසන පරිදි තමන් කුබුක්කන් ඔය අසල සිට පහල ඌවට සංක්‍රමණය වූ බව කියන වැද්දන් ඔහුට මුනගැසී ඇත.මහියංගනය හා මහඔය අවට වැද්දන්ද වෙනත් ප්‍රදේශයක සිට එම කැලෑවන්ට මාරු වී ඇත්තේ 19 වෙනි සියවසේදීය.ලංකාවෙ මුලික වැදි ජනතාව තන්තිරිමලේ ප්‍රදේශයේ සිටි අතර ඔහුන්ගේ බස ඉතා පැහැදිලි සරල හෙලබස විය” මාවත අනතුරු බාදා නැහැ…කදිමට නෙලූ බුදුරුවක් ,නොවැ.”….යනාදි ලෙස 1952 දී ඔහුන් දෙඩූ බව කතෘගේ පියා වැද්දන් සමග කතාකීරීමෙන් පසු එවකට දස හැවිරිදි වියේ වූ කතුවරයාට කියා ඇත.වත්මන් මහියංගනය – දබාන ප්‍රදේශවල වැදි ජනතාවගේ පොජ්ජ,පොජ්ජ ,භාෂාව නිසා ඔවුහු ආදිකාලීන වැදි ජනතාවගෙන් පැවැතෙන්නන් නොවෙති.නැගෙනහිර පලාතෙහි දෙමල කථාකරන වැද්දන් සිටීමෙන් මෙම අලුත් වැදි ජනතාව කෙසේ ඇතිවේදැයි සිතාගත හැක.
1801 දී මඩකලපුවේ සිට තංගල්ල දක්වා සංචාරය කල රීඩර් නැමති අයගේ අත්දැකීම් කෝඩිනර්ගේ කෘතියෙහි දක්වා ඇත.එහි සදහන් වන්නේ මඩකලපුව කොටුවෙහි හා වෙලද නගරයෙහි සේවයට දකුනු ඉන්දියාවෙන් ” මලබාර් වැසියන් ගෙන්වීම ඕලන්දයන් විසින් කරන ලද බවයි.ඔහුන් පදිංචිව සිටියේ සැතපුම් තුනක් දිගින් යුතු හා පලලින් සැතපුම් 1/2 පමන වූ දූපතකය.මොවුහු වැටුප් ලබා සේවය කල අය වෙති.මඩකලපුවේ වූ ප්‍රධාන පාසල සිංහල පසැලක් බව කෝඩිනර් පවසයි.එය පිහිටියේ ප්‍රධාන බිමෙහි මිස දූවේ නොවේ.මෙම පාසල ගැන ඔහු කදිම වාර්ථාවක් සපයා ඇත.මද්ද කලාපය දෙමලෙන් මඩ්ඩකලපම් වී පසුව මඩකලපුව වුයේ ඉහත සදහන් දූවේ දෙමල පවුල් නිසාය.මඩකලපුවේ පමනක් නොව ත්‍රීකුනාමලයේද ඕලන්දයන් හා ඉංග්‍රීසි න් විසින් තම සේවයට යොදවා ගත්තේ දකුනු ඉන්දීය මල්බාර් දෙමල ජනයාය.
1818 දී පාලුකර කැලෑවට හරින ලද නැගෙනහිර පලාත් හි අලුතින් දෙමල පවුල් පදිංචිකර ලංකාවෙහි නැගෙනහිරද දෙමල ජනාවාශ ඇතිකරලීමේ චේතනාව ඉංග්‍රීසීන්ට පහල වූයේ 1848 දීය .එනම් 1847 මාතලේ නිදහස් අරගලය නොහොත් ඉතිහාස පාඩමේ සදහන් මාතලේ කැරැල්ලෙන් පසුවය.මෙවකට ලංකාවේ යටත් විජිත ලේඛම් වූ ඉමර්සන් ටෙනන්ට් විසින් 1848 අගෝස්තු 11 දින හා නැවත 1848 සැප්තැම්බර් 14 වන දින ලන්ඩන් හි යටත් විජිත කාර්‍යාලයට ලියූ ලිපිවලින් මේ බව පැහැදිලි වේ .එවකට මහනුවර සිට ත්‍රීකුනාමලය දක්වා එකම අඛන්ඩ කැලෑවක් පැවති බව ටෙනන්ට් පවසයි.
ඔහුගේ ලිපියෙහි ඇති නිර්දේශය කරුනු දෙකක් පදනම් කර ඇති බව සදහන්.පලමුවැන්න නම් සිංහලයාට එරෙහි ජාතියක් ලංකාවේ නැගෙනහිර දිග බිහි කරලීමය.දෙමල ජනතාව සිංහලයන්ට එරෙහිව යෙදවිය හැකි බවට ටෙනන්ට් විසින් නිදසුනක් ගෙනහැර දක්වා තිබිනි.එනම් 1847 දී මාතලේ නිදහස් අරගලය අවස්ථාවේදී කෝපි වතුවල සෙවය කල දෙමල කුලීකරුවන් තම වතු හිමියන් සමග එකතු වී සිංහලයන්ට එරෙහිව සටන් කිරීමය.මෙම ජාතීන් දෙක ( සිංහල හා දෙමල ) අතර ඇති අසමානකම් නිසා ඔහුන් එකතුවීමක් සිදුවීමක් සිදු නොවන බව ඔහු පවසයි.සිංහලයා දෙස පර්ක්ෂාවෙන් බලා සිටින ජනතාවක් ( Chek Community)දේශය තුල ඇතිකිරීමේ අවශ්‍යතාවයද ටෙනන්ට් දැන ඇත.දෙවන කරුන නම් සීග්‍රයෙන් වැවිලි කර්මාන්තය ( කෝපි) දියුනු වී යන මධ්‍යම කදුකරයෙහි ඉදිරියට කුලීකරුවන්ගේ විශාල අවශ්‍යතාවයක් ඇතිවන්නේය.එවිට ඉන්දියාවෙන් ගෙන එනවාට වඩා පහසුවෙන් කම්කරුවන් සැපයිය හැකිය.එමෙන්ම රට මැද කදුකරයෙහි වතුවල විශාල දෙමල ජනගහනයක් ඇතිවීටදී සිංහල ජනගහනයක් ඇතිවිටදී සිංහල නැගිටීමකට එය බාධාවක් වනු ඇත.යුධ හමුදාවන් පවත්වා ගැනීමකට වඩා මේ තුලින් ලාභාදායකව හා පහසුවෙන් සිංහලයා මෙල්ලකර ගත හැක.
1848 08 11 ලිපියට අමතරව 1848 09 14 වනදින නවතත් ලිපියක් යවන යටත් විජිත ලේඛම් ටෙනන්ට් පවසන්නේ පාරවල් සෑදීමට හා කෝපි වතුවලට ගෙන එන්නාක් මෙන් පිරිමි ශ්‍රමුකයන් පමනක් ගෙන ඒමෙ නොකල යුතු බවය.ඒ වෙනුවට අබුදරුවන් සහ පූජකයන් ද සහිතව ගම් පිටින් මුල් උදුරාගෙන අවුත් (Uprooted) නැවත ලංකා පොලවෙහි පැල සිටුවීම (Transplant) කල යුතු බවය.එසේ කිරීම සදහා පදිංචි වීමට ඉඩම් ලබාදිය යුතුය.මේවා ජලසම්පාදිත ඉඩම් වූ විට පමනක් වගාකල හැක.එබැවින් නැගෙනහිර පලාතේ ඇති අබලන් වූ වැව් ප්‍රථිසංස්කරනය කර එම වැව් යටතේ වගාකල හැකි බිම් කට්ටි කඩා මෙම දෙමල පවුල් පදිංචි කරවීමට ඔහු නිර්දේශ කර ඇත..
මෙම ලිපි දෙකෙහිම සදහන් නිර්දේශයන් අනුමත කර ඒ සදහා අවසර දිමේ ලිපිය 24,11,1848 දින ලන්ඩන් යටත් විජිත කාර්‍යාලයෙන් මෙහි තැපැල් කර එවා තිබුනි.
ඒ අනුව ජල පහසුව ඇති තැන්වල දකුනු ඉන්දියාවෙන් ගෙන එන දෙමල පවුල් සුලු වශයෙන් පදිංචි කල අතර මහාපරිමානයෙන් එම කාර්‍ය සිදුවන්නේ 1856 න් පසුවය .විශාල වැව් ප්‍රතිසංස්කරනය කරන ලද බව මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාලන වාර්ථා වල සදහන් වන්නේ මිනින්දෝරුවන් විසින් ඒ ඒ වැව යටතේ වගාකල හැකි ඉඩම් කට්ටි කැඩීමය.ගම් පිටින් උදුරාගෙන ආ දකුනු ඉන්දියානු දෙමල පවුල් මේවායේ පදිංචි කරන ලදි
නමුත් ආශ්චර්‍යක් සිදුවිය.?
මතු සම්බන්ධයි….
මම සංජීව ජයවීර.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...