ක්‍රීඩා පුවත්

කවිතා දේවි, ජාත්‍යන්තර මට්ටමේ රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව ඇයයි.
බිරිඳක් සහ මවක් බවට පත් වූ කවිතා දේවිට ක්‍රීඩාව හඹා නොයන ලෙස බල කෙරිණි.
කෙසේ නමුත් රෙස්ලින් වළල්ල තුළ ඇය සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ දීර්ඝ සටනකට පසුවය.
“විවාහ වෙලා දරුවෙක් හම්බ වුණාට පස්සේ රෙස්ලින් පසුපස නොයන ලෙස මට කිව්වා. නමුත් ගෙදර ඉන්නකොට හුස්ම හිරවෙනවා වගේ දැනුණා. මම ජීවිතේ නැති කර ගන්න උත්සාහ කළා” යනුවෙන් ඇය අතීතය සිහිපත් කරන්නීය.

කෙසේ නමුත් ක්‍රමයෙන් ඇයට සිය පවුලේ සාමාජිකයන්ගේ සහාය හිමි වී ඇති අතර දකුණු ආසියාව තුළ පැවති බර ඉසිලීමේ තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය.
WWE රෙස්ලින් වළල්ලට පිවිසි පළමු ඉන්දියානුවා වන ග්‍රේට් කාලි යටතේ ඇය මේ වනවිට පුහුණුව ලබන්නීය.
“මම වළල්ල ඇතුළේ ඉන්නකොට මට පුතෙක් හෝ පවුලක් ඉන්නවා කියලා අමතක වෙනවා. මම හිතන්නේ තරගය ගැන විතරයි”

කෙසේ නමුත් ඉන්දීය උරුමය රැක ගනිමින් තවතවත් කාන්තාවන් දිරි ගැන්වීම සිය බලාපොරොත්තුව බව කවිතා දේවී පවසන්නීය.
“මම අඳින්න තොර ගත්තේ සල්වාර් ඇඳුමක්. මොකද ඕනෑම ඇඳුමක් ඇඳන් සටන් කළ හැකි බව අනෙක් කාන්තාවන්ට පෙන්වන්න මට ඕන වුණා” යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ප්‍රධාන වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු හතරක් මේ වසරේ ‘BBC සියයක් කාන්තාවෝ’ වැඩසටහනේ අවධානයට ලක් වූ අතර, ක්‍රීඩාවේ දී කාන්තාව මුහුණ දෙන පුරුෂාධිපත්‍යය ඉන් එකකි.
කාන්තාවන්ට ඉඩක් ලබා දෙන්නේ නම් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව 2016 වසරේ දී එවරස්ට් කඳු මුදුනට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ජයන්ති කුරුඋතුම්පාල පසුගියදා පැවසීය.
බීබීසී සියයක් කාන්තාවෝ විශේෂාංගය සඳහා තෝරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද ඇයයි.
“අපේ සමාජයේ හුඟක් ලිංගිකත්වය මත පදනම් වූ ස්ථාපිත ආදර්ශ (gender stereotypes) තියෙනවාමේකෙන් පේන්නේ, අපිට ඉඩක් දුන්නොත්, කාන්තාවකටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක” යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
(උපුටා ගැනීම BBC)

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More