මුහුණු පොතෙන්

ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද ‘වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම’ ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ.

මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගමට ගෙවීමට සිදු වූ වන්දිය මෙසේය.
– ඩොලර් මිලියන 7.5 (ආරක්ෂිත තැන්පතු අහිමි විම)
– ඩොලර් මිලියන 17.7 (නිම වෙමින් තිබූ පළමු ගුවන් යානාවේ මූලික වන්දිය)
– ඩොලර් මිලියන 98.0 (ඉතිරි ගුවන් යානා තුන සඳහා වන්දි මූලික වන්දිය)

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් බදුකරුට (AerCap) ගෙවීමට සිදු වූ දඩ මුදල දැන් සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවත් එම දඩය ගෙවීමට ගත් ණය මුදල තවමත් සමාගමෙහි ශේෂ පත්‍රයේ දක්වා ඇති අතර එය ඊළඟ වසර 12 සඳහා සෑම වසරකම බිලියන 1.5 ක් බැගින් ගෙවීමට සමාගමට සිදුවේ.

මෙම ගුවන් යානා කථාව ඇරඹෙන්නේ 2013 ජුනි මාසයේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ A350 – 900 ගුවන් යානා 8 ක් මිලදී ගෙන වර්ථමානයේ භාවිතා වෙන වයෝවෘද්ධ ගුවන් යානා පන්ති යාවත්කාලීන කිරීම සඳහා උපායමාර්ගික සහ තාර්කික ව්‍යාපාර තීන්දුව ගැනීමත් සමගය.

මෙම නවීන A350 ගුවන් යානා යනු මධ්‍යම හා දිගු ගුවන් සේවා මෙහෙයුම්වල අනාගතය වන අතර ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළය. ආදායමෙන් 50% කට වඩා වැඩි මුදලක් ඉන්ධන පිරිවැය සදහා වියදම් කිරීමට සිදුවෙන වර්තාගත තෙල් මිල ඉහළයෑම් හමුවේ 25% කින් අඩු ඉන්ධන පරිභෝජනයෙන් පියාසර කරන මෙම කාර්යක්ෂම යානා ගුවන් සමාගම්වලට ස්වාභාවික ආරක්ෂක වැටක් සකසා දෙනු ලැබේ. ලෝකයේ අද දිනට සාපේක්ෂව ඇති ඉහළම ගුවන් පහසුකම් වලින් අනූන මෙම යානා නොමැතිව අද ගුවන් සමාගමකට වෙනත් ගුවන් සමාගම් සමඟ තරඟ කිරීමද අපහසුය.

A350 ගුවන් යානා අද ලෝකයේ ඉතා ජනප්‍රිය වී ඇත. විවිධ ගුවන් සමාගම් විසින් 500 කට අධික A350 ගුවන් යානා ප්‍රමාණයක් ඇනවුම් කර තිබුනත් තවමත් එයාර්බස් සමාගම බෙදාහැර ඇත්තේ ඒවායින් 20% ක් පමණි. ශ්‍රී ලංකා රජය අවලංගු කල නිම වෙමින් පැවති ගුවන් යානා චීනයේ Sichuan ගුවන් සමාගමට නැවත විකිණීමට එයාර්බස් සමාගමට අවශ්‍ය වූයේ සති 3ක් පමණි. එතරම් ඉල්ලුමක් සහිත මෙම යානා අවලංගු කිරීමම අවශ්‍ය නම් එයද මෙතරම් විශාල පාඩුවක් දරා ගෙන මේ ක්‍රමයට සිදු කිරීමේ අභිරහස දන්නේද යහපාලන රජයම පමණි.

ඒ අනුව මෙම යානා කල්බදු අවලංගු කල පසු පාඩු ලැබීම මෙසේය.
2016 – රු. බිලියන 2.6 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම)
2017 – රු. බිලියන 14.4 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම)
2018 සිට 2029 දක්වා – රු. බිලියන 19.2 (1.6 x 12) පාඩුවක් (ණය ගෙවීම්)

මෙම යානා කල්බදු අවලංගු නොකලා නම් ලාභ/පාඩු ලැබීම මෙසේය.
2016 – රු. බිලියන 0.2 ක පාඩුවක් (කාර්ය මණ්ඩල පුහුණුව)
2017 – රු. බිලියන 2.6 ක පාඩුවක් (මෙවලම් හා උපකරණ)
2018 සිට 2029 දක්වා – රු. බිලියන 52.8 (4.4 x 12) ලාභයක් (Incremental EBITDA)

මුලික විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ, මෙම යානා නියමිත පරිදි ශ්‍රීලංකන් යානා පොකුරට එක් කලේ නම් එම යානා ඉදිරි දොලොස් වසරක ලීසින් කාලය තුල සමාගමට එක් කරන අපේක්ෂිත ලාභය (Incremental EBITDA) වසරකට රුපියල් බිලියන 4.4 බැගින් සම්පූරණ රුපියල් බිලියන 50.3 කි (නමුත් යහපාලන රජය කියන අලාභය රුපියල් බිලියන 70.1 කි).

රුපියල් බිලියන 35 (ලීසිං අවලංගු කිරීමේ පිරිවැය (පළමු අදියර) සහ ලීසිං අවලංගු කිරීමට අළුතෙන් ගත් ණය ගෙවීම් (දෙවන අදියර))

ඇත්ත වශයෙන්ම ඉහළ අස්වැන්නක් සහිත යුරෝපීය මාර්ගවල A350-900 ගුවන් යානා භාවිතා කර මීටත් වඩා ලාභයක් ලැබීමේ ඉහළ අවස්ථාවක් ශ්‍රීලංකන් ගුවන් සමාගමට තිබුනි. ලෝකයේ ලොකුම බාහිර සංචාරක වෙළෙඳපොළ වන ජර්මනිය ඇතුළු ප්‍රධාන යුරෝපීය මාර්ග අවහිර කිරීම හේතුවෙන් රු. 2017 වසරේදී ගුවන් සමාගමට ගුවන් ගමන් සඳහා අතිශය ජනප්‍රිය මාර්ග අහිමි වීය. මෙම වටිනා මාර්ගයන් අවසන් කිරීම වත්කම් විනාශ කරන කෲරතර අභ්‍යාසයකි. දිවයිනේ සංචාරක කර්මාන්තය හා හෝටල් කර්මාන්තය සඳහා මෙම තීරණය මගින් කල බලපෑම හා හානිය අතිමහත්ය.

දූෂිත සුළු පිරිසක් විසින් දේශපාලනිකව උසි ගන්වන ලද මෙම සාහසික විනාශකාරී තීන්ඳු නොවන්නට ජාතික ගුවන් සේවයට මේ වන විට මෙම නවීන මොණරුන් සමඟ තවත් ආඩම්බර වීමට භාග්‍යය ලැබී තිබුනි. නමුත් ඒ සියල්ල අහිමි ‘ශ්‍රීලංකන්’ ඛේදජනක අවසානයක් කරා ගමන් ගනිමින් තිබේ.

මීට අදාල දත්ත සහිත ලිපි : A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීමෙන් ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවයේ ගෙල සිඳ ලූ හැටි
Published on August 31, 2018
https://www.linkedin.com/…/a350-900-%E0%B6%9C%E0%B7%80%E0%…/

http://www.ft.lk/…/Cancellation-of-the-four-Airbu…/14-646715

සංජන ප්‍රනාන්දු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More