ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇති දේශපාලන විරසකභාවය නැති කර ඔවුන් අතර එකමුතුවක් ඇති කිරීම සඳහා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මැදිහත්වෙමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෛත්‍රී – රනිල් දෙපාර්ශ්වය සමගම සමීප සම්බන්ධතාවක් පවත්වන නිසා මෙසේ හේමසිරි ප්‍රනාන්දුගෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මෙම ඉල්ලීමක් කර ඇති බව දැන ගන්නට ඇත.
වත්මන් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කිරීමට නියමිත හේමසිරි ප්‍රනාන්දු හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
මහජන බැංකුව ඉතා සාර්ථක ලෙස මෙහෙයවන හේමසිරි ප්‍රනාන්දුගේ දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් සහ සබඳතා හේතුවෙන් ඔහුට මෙම භාරධුර වගකීම ඉටුකිරීමට හැකියාව ඇති බව සියලු පාර්ශ්වල අදහස වී තිබේ. ඔහුට මෙම වගකීම පවරන ලෙස ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...