ජනාධිපතිවරයාගේ සේවා කාලය වසර හතර සපිරීමෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට දේශපාලන අංශවල ඉඟි පළවෙමින් පවතී. දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් වන අතර සේවා කාලය වසර හතර සම්පූර්ණ වීමෙන් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි වෙයි.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සේවා කාලයට 2019 ජනවාරි 8 වැනි දිනට වසර හතරක් සපිරෙනු ඇත.
ඒ අනුව ලබන ජනවාරි 8 දායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැ¼දවීමට ජනාධිපතිවරයාට අවස්ථාව සැලසෙයි.
ජනාධිපතිවරයාගේ වසර හතරක සේවා කාලය ලබන ජනවාරි මස 8 වැනිදා වන විට සම්පූර්ණ වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සේවා කාලය වසර හතර ඉක්මවූ පසු ජනාධිපතිවරයා කැමැති ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඉකුත් බදාදා රාත්‍රි දෙරණ නාළිකාවේ පැවැති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට සහභාගි වෙමින් ඉඟියක් පළ කෙළේය.
මේ වන විට සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇතැයිද මේ වසරේ ඔක්තෝබර් මාසය තුළ මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල නිල කාලයද අවසන් වනු ඇතැයිද සඳහන් කළ සභාපතිවරයා 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය සඳහා නම් ඇතුළත් කිරීමට හිමිකම් ඉල්ලීමේ අවසන් දිනය සැප්තැම්බර් හයවැනිදා තෙක් දීර්ඝ කර ඇතැයිද සඳහන් කළේය.
නිල කාලය අවසන් වන පළාත් සභා හයේම ඡන්ද විමසීම, ලබන වසර මුලදී පැවැත්වීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ මහින්ද දේශප්‍රිය මහතා එම ඡන්ද විමසීම 2018 අනුමත කෙරෙන ඡන්ද හිමි නාම ලේඛනය යටතේ පැවැත්වෙන බවත් යම් හෙයකින් ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවහොත් එම මැතිවරණයද පැවැත්වෙන්නේ 2018 අනුමත කෙරෙන ඡන්ද හිමි නාමලේඛනය යටතේ බව එම සාකච්ඡාවේදී පැවැසීය.
එවැනි අවස්ථාවක් උදා වුවහොත්, ජනාධිපතිවරණය හා පළාත් සභා ඡන්ද වීමසීම යන දෙකම පැවැත්වීමට නොහැකියාවක් මැතිවරණ කොමිෂන් සභාවට නැතැයිද එකවර මැතිවරණ දෙකක් පැවැත්වූ අවස්ථා ඇතැයිද සභාපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී, එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දයකට හෝ ජනාධිපතිවරණය යන ඕනෑම මැතිවරණයකට පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවා අවසන් කරන බවය.
-mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...