ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම අතර පැවැති මිත්‍ර පාපන්දු තරගයකින් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගය ඊයේ (30දා) බංග්ලාදේශයේ ශෙයික් කමල් පිටියේදී පැවැත්විණ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනවෙන් ජයග්‍රාහී ගෝලය මොහොමඩ් ෆාසල් 10 වැනි විනාඩියේදී වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු පිටියේදී තරගයක් ජයග්‍රහණය කළේ වසර දෙකකින් පමණ පසුව වෙයි.

2015 වසරේදී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී නේපාල කණ්ඩායමට ඒරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීම අවසන්වරට ලබාගෙන තිබූ ජය වෙයි. මෙම තරගය නැරඹීම සඳහා 40000ක අධික ප්‍රේක්ෂක පිරිසක් ඒක්ව සිට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More