ක්‍රීඩා පුවත්

පකිස්ථානයේ ලාහෝර්හිදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මහකොමසාරිස් මේජර් ජෙනරාල් ජයනාත් ලොකුකැටගොඩගේ මහතා පවසන්නේ පකිස්ථාන හමුදා, පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ඊට එක්ව සිටින බව ය.

හෙට පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා පකිස්ථාන ජනතාව විශේෂ උනන්දුවකින් පසුවන බව ද දන ගන්නට ඇත.

2009 මාර්තු මාසයේදී ලාහෝර්හිදි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

දෙරට අතර 3වන සහ අවසන් පන්දුවාර 20-20 තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More