ව්‍යාපාරික පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් ධාරිතාව සුවි‍ශේෂී ලෙස වැඩිකිරීමට කටයුතු කර ඇත. අති නවීන අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක් ඇතුළු සුවපහසු ආසන වලින් සමන්විත පුළුල් බද සහිත A330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සදහා යොදා ගනිමින් රසවත් ආහාර පාන ලබාදෙමින් පාරිභෝගිකයන්‍ට උසස් මට්ටමේ තෘප්තිමත් සේවාවක් සැපයීමට ගුවන් සමාගම මෙමගින් කටයුතු කර ඇත.

මේ අනුව 2018 ඔක්තෝබර් මස 29 වැනිදා සිට සතියකට මෙහෙයුම් කළ ගුවන් ගමන් වාර 17 සිට ගුවන් ගමන් වාර 21 දක්වා වැඩිකරමින් කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සිදුකිරීමට නියමිත වේ. මෙම ගුවන් ගමන් අතුරින් ගුවන් ගමන් 7ක් සදහා A 330-200 ගුවන් යානා ද අනෙකුත් ගුවන් ගමන් 14 සදහා A 320/ A 321 Neo ගුවන් යානා ද මෙහෙයුම් සදහා යොදාගනු ලැබේ.

මෙම ගුවන් ගමන් මාර්ගය විවිධ වර්ගයේ සංචාරකයන් වන විවේකය සදහා සංචාරය කරන්නන් , ව්‍යාපාරික සංචාරකයන්, MICE කණ්ඩායම්, සිසුන් සහ හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයන් හමුවීම් සදහා සංචාරය කරන්නන් අතර ඉතා ජනප්‍රිය වේ. ශ්‍රීලංකන් ගුවන්මගීන්ට වඩාත් සුවපහසු සහ නම්‍යශීලී සේවාවක් මෙම දෛනික ගුවන් ගමන් වාර 3 තුළින් හිමිවනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් වන කොන්ටාස් හරහා ඕස්ට්‍රේලියාවේ මූලික නගර වන සිඩ්නි,මෙල්බර්න්,බ්‍රිස්බේන්,පර්ත් වෙත යාමට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළේ සිට සංකේත හුවමාරු ගුවන් ගමන් සබදතා මගින් සංචාරය කිරීමට ගුවන් මගීන්ට පහසුකම් ලබාදේ. මෙම ගුවන් ගමන් මාර්ගය ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දෛනික මෙල්බර්න් සහ කොළඹ අතර සිදුකරන නොනවත්වා ගුවන් ගමන් වලට අමතරව ලබාදෙන සේවාවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More