ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට සමාජ ජාලාවන්හි දැඩි කතාබහකට ලක්ව තිබේ.
අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම මෙන්ම ඊට වැය කරන ලද අධික වියදමද මීට හේතු වී ඇත.
කෙසේ වෙතත් මංගල උත්සව සභාව අමතමින් චතුර සේනාරත්න මහතා එම චෝදනාවන්ට එහිදීම පිලිතුරු දුන්නේය.
අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලපා දුන්නේ අගමැතිවරයා විසින් බවත් ඔහු සදහන් කලේය.
එමෙන්ම මංගල උදත්සවය සදහා වියදම් වූ සියළු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත ඔහු පැවසීය.
කෙසේ වෙතත් සමාජ ජාලයන්හි එම කතාව සම්බන්ධයෙන්ද විවේචන එල්ල වෙමින් ඇත.
එක් ෆේස්බුක් පිටුවක මෙම වීඩියෝව පල කර ඇත්තේ ‘බුදාම්බෝ චතුර අපිව හිනස්සලා මරාගන්නද යන්නේ කසාදේ දවසෙත් මෙහෙම ආතල් දීලා’යන ලෙසිනි.
තම දේශපාලන දිවියට සහය දුන් සගයනට ප්‍රණාමය පුද කරමින්. චතුර – සරූපා යුග දිවියට පා තබන අද !
Gepostet von Chathura Senaratne am Donnerstag, 30. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...