විදේශ පුවත්

දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි.
බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නායිකාව වන මායාවතී එම අභියෝගය කරන ලද්දේ ‘අසාම්ගර්’ (AZAMGARH) නගරයේ පැවැති මහජන රැළියක් අමතමිනි.
ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ගිය මග යමින්, ගෝත්‍රික ජනයා සහ සමාජයෙන් කොන් කරන ලද වෙනත් ජන කොටස් සමඟ තමාත් බුදු දහම වැළඳ ගන්නා බව එම රැලියේ දී හිටපු මහ ඇමතිනිය කියා සිටියාය. “දලිත් ජනතාව, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් කෙරෙහි දක්වන කුලවාදී සහ වාර්ගික මානසිකත්වයේ වෙනසක් කර ගන්න කියන විවෘත අභියෝගය මම පෙරට තබල තියෙනවා. එය ඉටු නොවුනොත් එම ජන කොටස් සමඟ අපේ ආගම් වෙනස් කරලා බුදු දහම වැළඳ ගන්නවා” මායාවතී ප්‍රකාශ කළාය.
ඉන්දීය දේශපාලනය තුළ ‘යකඩ ගැහැණිය’ යනුවෙන් ද හඳුන්වනු ලබන මායාවතී නැත්නම් ‘කුමාරි මායාවතී’ සිව් වතාවක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති ධුරය හොබවා ඇත.
1995 වසරේ පළමු වතාවට කෙටි කලක් මහ ඇමතිනිය වූ මායාවතී, 1997 දීත් ඉන් අනතුරුව 2002-03 සහ 2007-2012 කාල පරිච්ඡේද තුළත් උත්තර් ප්‍රදේශ් මහඇමති ධුරය දරුවාය.

මායාවතී නායකත්වය දෙන බහුජන් සමාජ් පක්ෂය ඉන්දියානු සමාජයේ වරප්‍රසාද අහිමි ජනතාව වෙනුවෙන් හඬ නගන දේශපාලන බලවේගයකි.
මුලින් සඳහන් කරන ලද අභියෝගය ඉදිරිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මායාවතී “හින්දුවාදය තුළ කුල ධුරාවලිය අනුව සිදු කරනු ලබන වෙනස්කම් නිසා ආචාර්ය අම්බෙඩ්කාර් සිය ජීවිතයේ අන්තිම කාලයේ ‘නාග්පුර්’හිදී බුදුදහම වැළඳ ගන්නා ලද බවත් සිහිපත් කළාය.
බී.ආර්.අම්බෙඩ්කාර් 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවය.
” දලිත් ජනතාව ඇතුළු පීඩිත ජන කොටස්වලට එල්ලවන වෙනස්කම් නතර කරන මෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ තැන අම්බෙඩ්කාර් බුදු දහම වැළඳ ගත්තා” මායාවතී පවසන්නීය.
‘වර්ණ ව්‍යවස්ථා’ නම් හින්දු කුල ක්‍රමයට (CAST SYSTEM) පහර දෙමින් කතා කළ හිටපු මහ ඇමතිනී මායාවතී, එම කුල වාදය යටතේ දලිත් කුල පීඩිතයන්, ආදිවාසීන් සහ වෙනත් පසුගාමී සමාජ කණ්ඩායම් ‘පිළිසරණක් නැති වහලුන්’ බවට පත්ව ඇති බව පෙන්වා දුන්නාය.
හින්දු කුලවාදය සම්බන්ධයෙන් නිදසුන් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මායාවතී ඉන්දියාවේ දලිත් කුලයට අයත් පර්යේෂකයකු වූ ආචාර්ය රෝහිත් වෙමුලා කුල පීඩනය හමුවේ සිය දිවි හානිකර ගැනීම සිහිපත් කළාය.


හින්දු ජාතිකවාදී RSS දක්ෂිණාංශික සංවිධානයේ කුලවාදී න්‍යාය පත්‍රයට වලංගු භාවයක් ලබා දෙන බව පවසමින් පාලක භාරතීය ජනතා පක්ෂයත් (BJP) මායාවතීගේ දෝෂ දර්ශනයට ලක් විය,
මායාවතී පවසන පරිදි එවැනි අව වරප්‍රසාදිත ජනතාව අධ්‍යාපනය, ගොවිතැන ,රැකියා ලබා ගැනීම මෙන්ම දේශපාලනයේ නෛතික අයිතිය උරුම කර ගන්නා ලද්දේ හින්දු දෙවියකු හෝ දෙවඟනක් නිසා නොව ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ඉටු කරන ලද කාර්යභාරය හේතුවෙනි.
සිය බහුජන් සමාජ්‍ පක්ෂයේ (BSP) නිර්මාතෘ කනිෂ් රාම් (KANISH RAM) විසින් ඉදිරිපත් කරන ලද දෘෂ්ටිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මායවතීට අනුව සිය හිටපු නායක “කනිෂ් රාම් බුදු දහම වැළඳ නොගත්තත් විශ්වාසය අනුව ඔහු බෞද්ධයකු” විය.
සිය කතාවේ දී වත්මන් උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගී ආදිත්‍යනාත් ඉලක්ක කරමින් වාග් ප්‍රහාරයක් එල්ල කළ මායාවතී ” මහ ඇමතිවරයා ආණ්ඩු කරන්නේ අයෝධ්‍යා ,චිත්‍රකූට් සහ ගෝරක්නාත් හින්දු කෝවිල්වල පුදපූජා (POOJA -PATH ) වලින් අනතුරුව කාලය තිබුනොත් පමණක්” යැයි කියා සිටියාය.
(උපුටා ගැනීම BBC)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More