ඡායාරූප පුවත්

දකුණු අප‍්‍රිකානු මහා මැතිවරණයේදී අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයෙන් තරග කොට ඓතිහාසික ජයක් ලැබ ජනාධිපති පදවියට පත් නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රංශ රජයෙන් එක්තරා විශේෂ ඉල්ලීමක් කළේය’ ප‍්‍රංශයේ ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති සාරා බාර්ට්ස්මන්ගේ දේහය දකුණු අප‍්‍රිකාව වෙත භාර දෙන ලෙස ය’ ඉන්පසු වසර 09 ක් තිස්සේ හුවමාරු වූ සාකච්ඡුා” අදහස් හා වාර්තාවලින් අනතුරුව 2002 මාර්තු 06 වෙනි දින සාරා බාර්ට්ස්මන්ගේ සිරුර ඇගේ උපන් දේශය වූ දකුණු අප‍්‍රිකාව වෙත ගෙන එනු ලැබීය’ කාන්තා දිනය වූ අගෝස්තු 09 වන දින

ඇගේ දේහය” ඇගේ නිජ බිම වූ නැගෙනහිර කේප්ටවුන්හි හැන්කි ගම්මානයේ රමණීය මිටියාවතක රාජකීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කරන ලදී’ අති අමානුෂීය වූ ද” නින්දා සහගත වූ ද අවුරුදු 200 කට අධික දීර්ඝ සංචාරයකින් පසු ඇය තම උපන් ගමේ නෑදෑයින් අතර සදාකාලික සැනසීමේ හා සාමයේ සැතපුණාය’ ජනාධිපති මැන්ඩෙලා විසින් එතරම් උවමනාවකින් ඉල්ලා සිටි සාරා බාර්ට්ස්මන් යනු කවරෙක්දැයි ලෝකයේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ ඉන් පසුවය’

සාරා බාර්ට්ස්මන් යනු මනුෂ්‍යයකුට දැක්විය හැකි අන්තිම නින්දිත වූ ද” තුච්ඡු වූ ද සැලකීමක් ලැබූ මනුෂ්‍යයකු වූවාය’ සාරා අයත් වූයේ දකුණු අප‍්‍රිකාවේ නැගෙනහිර කේප් ටවුන් ප‍්‍රාන්තයේ වාසය කළ ගව පාලනය ජීවනෝපාය කර ගත් ක්හෝයි ක්හෝයි නම් ගෝත‍්‍රයටය’ ඇය හැදී වැඩුණේ ඇගේ දෙමව්පියන් සේවය කළ ගොවිපළෙහිය’ 1789 දී උපත ලදැයි සැළකෙන ඇයට වයස අවුරුදු 2 දී ඇගේ මව මියගිය අතර ගවපල්ලෙකු වූ ඇගේ පියා මිය යන්නේ ඇය යොවුන් වියට එළැඹීමත් සමඟය’ එසේ පිළිසරණ අහිමිව ගිය ඇයට තිබූ එකම විසඳුම වූයේ විවාහයකට ඇතුළත් වීමය’ එහෙයින්ම ඇයට ඉතා බාල වියේදීම බෙරවාදකයකු වූ ක්හෝයි ක්හෝයි මිනිසකු සමඟ විවාහ වන්නට සිදු විය’ ඒ විවාහයෙන් ඇයට ඉපදුනු දරුවා උත්පත්තියෙන් සුළු වේලාවකට පසු මිය ගියේය’ අවාසනාව උත්පත්තියෙන්ම රැුගෙන පැමිණ තිබූ සාරාගේ ඉරණම ඉන්පසු තීන්දු කරන ලද්දේ වර්ෂ 1810 මුල් භාගයේ දකුණු අප‍්‍රිකාවට කඩා වැදුණු ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් විසිනි’ ඔවුන් ක්හෝයි ක්හෝයි ගෝත‍්‍රික ගම්මානයට ඇතුල් වූයේ සංහාරය අරඹමිනි’ බොහෝ ගෝත‍්‍රිකයන් මරා දැමුණු අතර ඉතිරි වූ උන් වහලූන් ලෙස විකිණීම පිණිස අල්ලා ගන්නා ලදී’ සාරාගේ සැමියා ස්පාඤ්ඤයන් විසින් ඝාතනය කළ අතර ඒ වනවිට දහසය හැවිරිදි වියේ සිටි සාරාව වහලියක ලෙස අල්ලා ගැනිණි’ අල්ලා ගැනුණු වහාම පීටර් විලියම් සීසර් නම් වෙළෙන්දෙකුට ඇය අලෙවි කරන ලදුව ඔහු විසින් ඇය කේප්ටවුන්හි ඔහුගේ සහෝදරයා වූ හෙන්ඩි‍්‍රක් වෙත ගෘහ සේවිකාවක ලෙස යවනු ලැබීය’
diya2
1810 ඔක්තෝබර් මාසයේ දිනයක” සීසර් සොහොයුරන්ගේ මිතුරකු වූ ඉංග‍්‍රීසි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ඩන්ලොප් ඔවුන් හමුවීමට පැමිණීම සාරාගේ ද ඉරණම වෙනස් කරවන සිද්ධියක් විය’ එහිදී සාරාව දකින වෛද්‍යවරයා ඇගේ අසාමාන්‍ය ශරීර වර්ණයත්” විශ්මයජනක ලෙස විශාල ඇගේ පසු පෙදෙසත්” අඩි 6 කටත් වඩා උස් වූ දැවැන්ත පිරිපුන් සිරුරත් මුදල් මවන යන්ත‍්‍රයක් බව පසක් කර ගන්නට මහා කාලයක් වැය නොකළේය’ විනෝදාස්වාදය පිණිස ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ඇය යොදවන්නට හැකි බව තේරුම් ගෙන සිටි ඔහු වහාම ඇයව එංගලන්තය වෙත ගෙන යෑමට තීරණය කළේය’ වසර පහකට පසු ඇය නැවත දකුණු අප‍්‍රිකාවට යවන බවට පොරොන්දු වීමෙන් පසු ඇය තම අදහසට කැමති කරවා ගැනීමට ඔහු සමත් විය’

සාරාගේ විශාල පසු ප‍්‍රදේශය හා අසාමාන්‍ය විශාල ශරීරය තමන් උසස් ජන වර්ගයක් යැයි සිතන යුරෝපීයයන් හමුවේ ප‍්‍රදර්ශනය කිරීම ඩන්ලොප්ගේ අදහස විය’ ඇයව ලන්ඩනය වෙත රැුගෙන ආ ඔහු පිකැඩලි චතුරශ‍්‍රයේ ගොඩනැගිල්ලක ප‍්‍රදර්ශනය ආරම්භ කළේය’ ”නොහික්මුණු අනන්තය’’ ලෝකයේ අනගිතම විකෘතිය ඇය හැඳින් වූ නාමයන් විය’ ශීලාචාර වූ යුරෝපීයයන් ඉදිරිපිට මේ ගෝත‍්‍රික ගැහැණිය නිරුවතින් සිට ගෙන සිටියාය’ ඔවුන් මුදල් දී ඇය නැරඹූහ’ තවත් සමහර ශීලාචාර පිරිමි ඩන්ලොප් වෛද්‍යවරයාට වැඩිපුර මුදල් ගෙවා ඇගේ අසාමාන්‍ය පසු පෙදෙස” පිරුණු කලවා” විශාල පියොවුරු” රහසඟ අත ගා බැලූහ’ ඇය ඔවුන්ගේ ‘‘පර්යේෂණයන්’’ ඉවසා ගෙන සිට ගෙන සිටියාය’ මෙසේ යුරෝපයේ විවිධ පෙදෙස්වලින් ජනයා ඇය නැරඹීමට දහස් ගණනින් ඇදී ආහ’

මෙසේ මෙම අමානුෂික ප‍්‍රදර්ශනය පවත්වා ගෙන යන අතරතුර වහල් සේවයට විරුද්ධව ව්‍යාපාරයක් බි‍්‍රතාන්‍යය තුළ පැන නැඟුණු අතර සාරා බාර්ට්ස්මන්ව පාවිච්චි කරන ආකාරය පිළිබඳව විරෝධයක් ඇති විය’ ඒ අනුව ඇගේ ”සේවාදායකයන්ට’’ විරුද්ධව නඩු පවරන ලදී’ නමුත් එය ප‍්‍රතිඵල රහිත වන්නේ සිය සේවාදායකයන් තමන්ට නරක ලෙස නොසලකන බව හා ඇය කැමැත්තෙන් මෙම කාර්යයේ යෙදෙන බවට සාරා විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් ඩන්ලොප් වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමය’ නමුත් ගවගාලක ඉපදී එහිම හැදී වැඩුණු” කිසිදු අකුරක් ලිවීමට හෝ කියැවීමට නොදත් ගෝත‍්‍රික ගැහැණියක් ඉංග‍්‍රීසි භාෂා ලියැවිල්ලක් කියවා ඉංග‍්‍රීසියෙන් අත්සන් කළේ කෙසේදැයි බි‍්‍රතාන්‍ය අධිකරණය සොයා බැලූවේ නැත’ කෙසේ නමුත් එයින් පසු ඇයට ”වඩා හොඳ සැළකීමක්’ හිමි විය’ එය නම් දිවා කාලය නිර්වස්ත‍්‍රයෙන් සිටින ඇයට රාත‍්‍රී කාලයේ උණුසුම් ඇඳුම් ඇඳීමට ඉඩ ලැබීමය’

මෙසේ ලන්ඩනයේ අවුරුදු 4 ක් ගත කිරීමෙන් පසු පේ‍්‍රක්ෂක ආකර්ෂණය හීන වෙමින් තිබූ අතර පාඩු විඳීමට උවමනාවක් නොවූ ඩන්ලොප් ඇයව ප‍්‍රංශයේ සතුන් ප‍්‍රදර්ශනය කරන්නකු වූ රීවුක්ස් නමැත්තෙකුට අලෙවි කළේය’ ප‍්‍රංශයේදී මහජන විනෝදය පිණිස ඇය යළි ප‍්‍රදර්ශනය කරන ලද්දේ සතෙකු පරිද්දෙන් කූඩුවක දැමීමෙනි’ පෙර සේම නිරුවතින් ඇයව කූඩු කරන ලද්දේ තනිවම නොව රයිනෝසර් පැටවුන් කිහිප දෙනෙකු සමඟිනි’ එසේ ඇය නිශ්චය ලෙසම තිරිසනකුගේ තත්ත්වයටම ඇද දමා තිබිණි’ ඇගේ ”පුහුණුකරුවා’ ඇයට මහජනයාට ප‍්‍රදර්ශනය පිණිස නැගිට සිටීමටත්” හිඳ ගැනීමටත් වරින් වර අණ දුන්නේ අනෙක් සතුනට අණ කරන විලාසයෙන්මය’ මෙහිදී ඇය හඳුන්වන ලද්දේ ”හොටෙන්ටොට් කළු වීනස්’’ නමිනි’ (හොටෙන්ටොට් යනු අප‍්‍රිකානු ජන වර්ගයකි’*

මෙසේ සත්ව උද්‍යානයේ සත්වයෙකු ලෙස සාරා බාර්ට්ස්මන් ප‍්‍රදර්ශනය පැවැත්වෙද්දී එය නැරඹීමට පැමිණි පේ‍්‍රක්ෂකයකු වූ ස්වභාව විද්‍යාඥ ජෝර්ජ් කුවියර් සාරාගේ අයිතිකරු වූ රීවුක්ස්ට යෝජනාවක් ඉදිරිපත් කළේය’ එනම් විද්‍යාත්මක පර්යේෂණ පිණිස ඇය තමාට විකුණන ලෙසය’ රීවුක්ස් අධික මිලකට ඇය ජෝර්ජ්ට අලෙවි කළ අතර එතැන් සිට එනම් 1815 මාර්තු මස සිට සාරා බාර්ට්ස්මන් ප‍්‍රංශ ගණිතඥයන්ගේ” සත්ව විද්‍යාඥයන් ගේ” භෞතික විද්‍යාඥයන්ගේ පර්යේෂණ සත්ත්වයකු වූවාය’ කුවියර්ට මිලක් ගෙවීමෙන් ඔවුනට ඇයව පර්යේෂණ සඳහා පාවිච්චි කළ හැකි විය’ කුවියර් ඔහුගේ පර්යේෂණය අවසානයේ නිගමනය කළේ සාරා යනු සත්ත්වයන්ගේත් හා මනුෂ්‍යයන්ගේත් අතර වූ පුරුකක් බවය’ තවද අප‍්‍රිකානුවන් අධිකාමභෝගී ජන වර්ගයක් බවද ඔවුන් නිගමනය කළහ’

මෙසේ අධිරාජ්‍යවාදීන්ට විනෝදය ද” අධ්‍යාපනය ද” නිගමන ද සැපයූ සාරා බාර්ට්ස්මන් 1816 වසර වන විට විසිහය හැවිරිදි වියේ පසු වූවාය’ නූගත් ගෝත‍්‍රික ගැහැණියක වුවද මේ වන විට ඇය මහත් වූ අවමානයෙන් ද නින්දාවෙන් ද විශාල මානසික අවපීඩනයකට බඳුන් වී සිටියාය’ සිය උපන් බිමෙන් කිලෝ මීටර දහස් ගණනක් ඈතට ගෙන ගොස් සිටි ඇයට මේ නින්දිත ජීවිතයෙන් ගැලැවීමට මඟක් පෙනෙන තෙක් මානයකවත් නොවීය’ 1815 දෙසැම්බර් 29 දින වයස අවුරුදු 26 දී සිදුවන ඇගේ මරණයට හේතුව තවමත් විවාදාත්මකය’ ඇගේ අයිතිකාර ජෝර්ජ් කුවියර් පැවසුවේ ඇය අධික මත්පැන් පානයට ඇබ්බැහිව නියුමෝනියාව වැළඳීමෙන් මියගිය බවය’ තවත් සමහර වාර්තාවලින් කියැවෙන්නේ ඇයට ජීවිතය එපා වීමෙන් මියයන තුරුම ආහාර වර්ජනය කළ බවය’ ඒ සෑම කාරණාවකින්ම හෙළි වන්නේ ඇය ජීවිතය ගැන කලකිරීමකින් සිටි බවය’ නමුත් ඇය මියගිය පසුවද ශිෂ්ට සම්පන්න සමාජයෙන් ඇයට ගැලවීමක් නොවීය’ කුවියර් ඇගේ සිරුර විච්ෙඡ්දනය කොට මොලය ද” ලිංගික අවයව ද වෙන් කර ගෙන ඒවා ප‍්‍රදර්ශනයට තැබීය’ ඉන්පසුව ද වර්ෂ 1974 ක් වූ මෑත කාලය දක්වා ඇගේ එකී අවයව පැරිස් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබුණි’ 2002 වර්ෂයේ ඇගේ සිරුර භූමදාන කරන තෙක්ම අවුරුදු දෙසිය ගණනක් ඇය අඛණ්ඩවම ප‍්‍රදර්ශන භාණ්ඩයක්ව පැවතුණේ යුරෝපීයයන්ගේ ම්ලේච්ඡුත්වය ද ඒ සමඟම ප‍්‍රදර්ශනය කරමිනි’ සාරාගේ ජීවිත කතාව සිනමා පටයකටද නැගී තිබේ’ 2010 ඔක්තෝබර් 27 දින ප‍්‍රදර්ශනය ඇරඹි Black Venus නමින් වූ එම චිත‍්‍රපටය ඇබ්ඩෙලාටිෆ් කෙචිච් අධ්‍යක්ෂණය කළ අතර එහි සාරා ගේ චරිතය නිරූපණය කළේ ප‍්‍රකට අප‍්‍රිකානු නිළි යහිමා ටොරස් විසිනි’

නිමල් ෆ‍්‍රැන්සිස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More