ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම මස 30 විවාහ දිවියට එළැඹීමට නියමිතය.
මෙම මංගලෝත්වය පැවැත්වෙන්නේ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී යයිද වාර්තා පලවෙයි.
කෙසේ වෙතත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහය ලියාපදිංචි කර ඇති බවත් උත්සවය පමණක් හෙට පැවැත්වෙන බවටද වාර්තා අැත.
චතුර සේනාරත්න මහතාගේ මනාලිය වීමට නියමිතව ඇත්තේ වෛද්‍ය සිසුවියක් වන සරූපා සමන්ගි මනතුංගයි.
ඇය ගිය මහමැතිවරණයේදී චතුර සේනාරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උරදී කටයුතු කරන ලදී.
චතුර සේනාරත්න මහතා පුවත් මවන්නෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙරට සිදුව ඇති සංසිද්ධීන් සියල්ලම පාහේ ඔහුගේ උපදෙස් මත හෝ ඔහු දැනුවත්ව සිදුවන්නේ යයි කියායි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ මුල් වරට වීමද විශේෂත්වයකි.
අරලියගහ මන්දිරය පුද්ගලික කටයුතු සදහා ලබා දුන් බවක් මීට පෙර වාර්තා නොවීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...