ප‍්‍රධාන පුවත්

පසුගිය ජනාධිපතවරණ සමයේ කළ ප්‍රකාශයක් හේතුවෙන් බොහෝ දෙනා දැන හඳුනාගත් නළුවෙකු වන ජගත් මනුවරණ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය.

“පසුගිය ජනපතිවරණය කාලයේ ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කානුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.

එදා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඇයි අම්මා ජගත්ව කානුවක දාන්න ඕනි කියලා. බොරු කියලා ජනතාව නොමග යවලා ඒ අය බලයට ගෙනා ආණ්ඩුව විසින් රටට කරන විනාශය දැක්කාම අනේ ඔව් මේ වගේ දරුවන් ඉපදුන වෙලාවේ කානුවක දැම්මා නම් හොඳයිනෙ වගේ හැඟීමක් මටත් ආවා.

පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කළා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේදී මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි එයාගෙ අම්මටත් හිතෙන්න ඇති තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කානුවට දැම්මා නම් හොඳයි කියලා.

මුස්ලිම් රටක ආගමට අපහාස කළා නම් මෙවන් පුද්ගලයන්ට ලැබෙන්නේ මරණ දඬුවම බවත් බෞද්ධයන්ගේ තාදී ගුණය, උපේක්ඛා ගුණය නිවටකමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කළොත් බෞද්ධයන් නිහඬව නොසිටිනු ඇති බවටත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More