විදේශ පුවත්

කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් අත්පත් කර ගනු ලැබුවා.
සෙනසුරාදා (28) උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ මැඩ්රිඩ් පාලනය විසින්.
කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූවා.

නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් කර ඇති අතර කැටලෝනියාවේ පාලනය ස්පාඤ්ඤයේ නියෝජ්‍ය අගමැතිවරිය යටතට පත් කරනු ලැබ ඇත.

ඊට පෙර, කැටලෝනියාවේ වඩාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් පියවර ගනු ලැබුවා.

කැටලන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි සිකුරාදා නිවේදනය කළේය.

කැටලෝනියාවේ නායකයන් ප්‍රාදේශීය පාලන බලයෙන් ඉවත් කළ අගමැතිවරයා විසින් එම කලාපය තුළ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සහ ඊට එරෙහිව සිකුරාදා රාත්‍රිය පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

කැටලෝනියාව සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මතු වූයේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳ මහජන මතය පිරික්සීම සඳහා කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් ජනමත විචාරණයක් කැඳවනු ලැබීමත් සමගය.

ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබුණේ ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බවය.

එමෙන්ම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබිණි.

ජනමත විචාරණය සඳහා 43% ඡන්දය ප්‍රකාශ කර තිබු බව කී කැටලන් ආණ්ඩුව ඒ අතරින් 90% ක් සිය පළාතට නිදහස ලබාදීමට පක්ෂව ඡන්දය භාවිත කර තිබූ බව පැවසීය.

ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බවට ලබා දුන් අධිකරණ තීන්දුව හමුවේ සෙසු පිරිස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More