මීටර් 800 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනියක්ව සිටි නිමාලි ලියනාරච්චිට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඊයේ (27දා) අහිමි වූ අතර, මේ සම්බන්ධව ඇය පැවැසුවේ තමාගේ පුහුණුකරු පැමිණියා නම් මෙයට වඩා හොඳ කාලයක් වාර්තා කරගැනීමට තිබූ බවය. “මම තරග කළ මූලික තරගයේ තමයි හොඳම අය හිටියේ. ඒ අතර තරගාවලියේ වාර්තාව තියපු ක්‍රීඩිකාවත් හිටියා. කොහොම වුණත් මම වාර්තා කළ කාලය පිළිබඳව මට සෑහීමට පත්වෙන්න බැහැ. පසුගිය වසරේ ඉන්දියාවේ තිබුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් මට මේ තරගයේ අවසන් තරගය අහිමි වීම ගැන විශාල කනගාටුවක් දැනෙනවා” යැයි අඬමින් පැවැසූ ඇය තමාගේ පුහුණුකරු පැමිණියා නම් මෙයට වඩා යමක් කිරීමට හැකිව තිබූ බවද කීවාය.
“ගෝල්ඩ් කෝස්ට්වල තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියටවත් මම මගේ පුහුණුකරු ගෙනියන්න සටන් කළේ නැත්තේ ආසියානු ක්‍රීඩා උළෙලටවත් හම්බවේවි කියන විශ්වාසය නිසයි. නිලධාරීන් මගෙන් මොන පළිගැනීමක් කරනවද කියලා මම දන්නේ නැහැ” යැයි පැවැසූ නිමාලි 2020 ඔලිම්පික් නියෝජනය කිරීම එකම බලාපොරොත්තුව බවද සඳහන් කළාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ වත්මන් ශ්‍රී ලංකා වාර්තාලාභිනිය (වි:2:02.55) බවට පත්ව සිටින ගයන්තිකා අබේරත්න “මව්බිම”ට පැවැසුවේ මෙම කාලය තමන්ගේ හොඳම කාලය නොවන බවත්, කුමන හෝ පදක්කමක් ලංකාවට ලබා දීමට බලාපාරොත්තු වන බවත්ය. “ආසියානු උළෙලක අවසන් තරගයට ආව දෙවැනි අවස්ථාව මේක. පසුගිය 2014 ආසියානු ක්‍රීඩා උළෙලෙත් මම අවසන් තරගයට ඇවිල්ල 7 වැනි තැන දිනුවා. මගේ මේ හොඳ කාලය නොවෙයි.
මම විනාඩි 2යි තත්. 2ට දුවලා තියෙනවා. හෙට (අද) පැවැත්වෙන අවසන් තරගයේදී එම කාලය (වි.2:02) වාර්තා කරලා ලංකාවට කුමන හෝ පදක්කමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයිද කීවාය.
කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික උෂ්ණ දේශගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට සෙම් ආබාධ (දූවිලි හේතුවෙන්) හටගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන්ද “මව්බිම” කළ විමසීමකදී ඇය පැවසුවේ තමාටත් මේ වනවිට සුළු වශයෙන් සෙම් ආබාධයක් හටගෙන ඇතත්, හෙට (අද) පැවැත්වෙන අවසන් තරගයේදී හොඳ කාලයක් වාර්තා කරගැනීමට අපේක්‍ෂා කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...