ප‍්‍රධාන පුවත්

පවත්වන කුමන හෝ ක‍්‍රමයකට මැතිවරණය ජය ගැනීමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමක වාර්තාවක් ආණ්ඩුව විසින්ම පරාජයට පත් කිරීම අනුමත කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා කියාසිටියේය.

ඊයේ (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයා තමන් පෞද්ගලිකව හොදින් දන්වා බවත් බොහෝ කාලයක් එකට දේශපාලනය සිදු කළ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යුතුකමක් යැයි සිතා පැමිණෙන්නට ඇති බවයි. එම හමුවේදී දේශපාලන කරුණු කිසිවක් සාකච්ඡා නොකළ බවත් ජනාධිපතිවරයා හමුවීමෙන් දේශපාලන පෙරළියක් සිදු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.

(එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් දැක්වෙයි)

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25) උදෑසන ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷவின் இளைய சகோதரரான காலஞ்சென்ற சந்ரா ராஜபக்ஷ அவர்களின் பூதவுடலுக்கு ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் இறுதி அஞ்சலி செலுத்தினார்.அன்னாரின் பூதவுடல் வைக்கப்பட்டுள்ள வீரகெட்டிய, மெதமுலன இல்லத்திற்கு இன்று (25) காலை விஜயம் செய்த ஜனாதிபதி அவர்கள், பூதவுடலுக்கு இறுதி அஞ்சலி செலுத்தியதுடன், முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ, சமல் ராஜபக்ஷ, கோட்டாபய ராஜபக்ஷ, உள்ளிட்ட குடும்ப உறவினர்களுக்கு தனது ஆழ்ந்த அனுதாபங்களை தெரிவித்தார்.அமைச்சர் விஜயதாச ராஜபக்ஷ, மேல் மாகாண முதலமைச்சர் இசுற தேவப்பிரிய, பிரதி அமைச்சர் லசந்த அழகியவன்ன, மேல் மாகாண சபை அமைச்சர் காமினி திலகசிறி உள்ளிட்டோர் இந்நிகழ்வில் பங்குபற்றினர்.

Gepostet von Maithripala Sirisena am Samstag, 25. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More