ඡායාරූප පුවත්

මෙම ඡායාරෑප ද්විත්වය 2011 මැයි මස 15 දින මැසිඩෝනියාවේ ඡනතා උද්ඝෝෂනයකදි ගනු ලැබුවකි. ඒවා එකල සමාඡමාධ්‍ය ඡාලයන් කැළඹු ඡයාරැපයෝ වෙත්.
දහස් ගණනක් විරෝධතාකරැවෝ මෙසිඩෝනියාවේ පාර්ලිමේන්තුව වටකර තිබුණේ Martin Neskovski නැමති තරැණයා පොලිස් පහරදීමකින් මිය ගිය පසුය. ඊට විරෝධය දැක්වීම සදහාය.

කැරළිකරැවෝ ඉල්ලා සිටියේ ආණ්ඩුව වරද බාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි. එහිදි විරෝධතාකරැවන් පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදීම වැලක්වීමට කැරළි මර්ධන ඒකකය වහා ඔවුන් ඉදිරියේ සිට ගත්හ. එවිට විරෝධතාකරැවන් තල්ලු කරමින් ඉදිරියට ආ හෙල්සින්කි Human Right කමිටු‍වේ 30 හැවිරිදි Jasmina Golubovska එක් පොලිස් නිළධාරියෙකු වෙත ළංවී මෙසේ කීවේය.

” මේ අහන්න මගේ තාත්තත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. ආණ්ඩුව කියන්නෙ ඡනතාව ! ඔබ සිටිය යුත්තේ අපේ පැත්තේ , මම ඔබේ ඔය පලිහෙ හදවතක් ඇන්දොත් ඔබ මොකෝ කියන්නෙ ? ”
ඡැස්මිනාගේ ප්‍රශ්නයට පොලිස් නිළධාරියා පිළිතුරක් නොදුන් බව කියවේ.

අණතුරැව ඇය කලේ පලිහේ මුහුණතට හොදටම ළංවී ලිප්ස්ටික් කුරක් ගෙන ඇගේ දොතොල් ඉන් ආලේපනය කර ඔහුගේ පලිහ සිප ගැනීමයි. ඇය එය කල සංසුන් විලාසය දුටු පොලිස් නිලධාරියා විශ්මයට පත්විය. හේ යාන්තමට සිනා සුනේය.

පසුව ඇය මාධ්‍යයට මෙසේ කියා ඇත.

” පළමු කාරනය අපි දැන් අවසන් කර ඇත . එනමි උද්ඝෝෂනවලට බිය වියයුතු නැති බවත් අපි ඔවුනට බය නැතිබවත් අපට එකතුවන්නන්ට අපි ඔප්පුකර ඇත.”

Upali Jayasinghe



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More