රටට ආදරයක් තිබේනම් යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ‘ලංකාව ඔරුමිත්තනාඩුවක් නොකරනු – බෙදුම්වාදී ව්‍යවස්‌ථා එපා’ යන තේමාව යටතේ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (27) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන්ගෙන් සහ ගමේ සුවඳ හඳුනන එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ වරදාන ලබා ගැනීමේ අරමුණින් රට පාවා නොදෙන ලෙසයි.
රට වෙනුවෙන් කතා කරන චරිත ජාතිවාදීන් ලෙස නම් කර ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
ජාතිවාදී වචනය ගෙනැත් තිබෙන්නේ කාලකන්නි දේශපාලනඥයන් යෑයි ද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ චෝදනා කර සිටිති.
මුදලට රට සහ ජාතිය පාවානොදෙන ලෙසට සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින උන් වහන්සේ මේ වන විට සිතා ගැනීමට නොහැකි අන්දමේ විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ සංසරණය වන බව පෙන්වා දුන්හ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...