ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාමයෝජනා ලබා දුනහොත් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට හෝ බාර නොගෙන සිටීමට තමනට නීතිමය හැකියාවක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍යයන්හි වාර්තා පල වෙයි.
එවන් තත්වයකදී ශ්‍රේෂාඨාදිකරණය හමුවට යාමට තමනට හැකියාවක් ඇතිදැයි සොයා බලන බවද මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.
මේ අතර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසන්නේ මේ සම්බනදෙයන් වන ප‍්‍රශ්නය දිසා අධිකරණයක හෝ වෙනත් කිසිදු අධිකරණයක පැවරෙන නඩුවකින් විසදාගත නොහැකි බවයි.
විසදාගත හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකින් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශයෙන් තමන් නව ව්‍යවස්ථා සංශෝධන යටතේ දෙවරක් ජනාධිපති ධූරය දරා නැතිබව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රකාශ කළහොත් එය නොපිළිගැනීමට මැතිවරණ කොමිසමට කිසිදු අයිතැයික් නැතැයිද ඔහු පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...