වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතිය දෙවැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය.
ඒ අනුව වයඹ පළාත් ඇළ ව්‍යාපෘති කාර්යාලය ජනාධිපතිවරයා විසින් අද දිනයේ විවෘත කරන ලදි.
මෙම ව්‍යාපෘතිය 2024 දීම අවසන් වීමට නියමිත අතර මිලියන 16,000ක් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇත.
එම සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටි කවි තේරවිල්ල සැමගේ අවධානය ගත් අතර එහි සිටි එක් පුද්ගලයෙක් එම තේරවිල්ල සඳහා පිළිතුර වේදිකාවට පැමිණ ලබා දුන්නේය.
ජනාධිපතිවරයා විසින් එහිදී විමසනු ලැබූ තේරවිලි කවිය මෙසේය.
රෑ කල බලලා හරිබරි ගැහිලා කුප්පි එලියටයි පැදුර එලන්නේ
පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ
නෑ හැක ටික ටික හිලට එබූ කල දෙබෑව අතරින් පිටි එන්නේ
මේ ටික තෝරා දුන්නොත් නෑනෝ නුඹයි පැලට මං වඩමන්නේ
එහි පිළිතුර කුරක්කන් ගල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...