පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් ගොනු කළේය.
මැදමුලන දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 49 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා එම අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන දෙවැනි නඩුව බවද සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...