ව්‍යාපාරික පුවත්

ගෑස් රු.158 කින් ඉහළට

August 24, 2018 1:32 pm | Lanka Lead News

කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ගෑස් මිල වැඩිවීම හෙට (25) සිට ක්‍රියාත්මකවනු ඇතැයි දැනගන්නට තිබේ.

රුපියල් 158කින් ගෑස්මිල වැඩිවීම අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,696ක් වනු ඇත.

ලෝක වෙළෙඳපාළේ ගෑස්මිල වැඩිවෙමින් පැවතීම අනුව ගෑස් මිල වැඩි කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කළ ඉල්ලීම සලකා බලමින් ජීවන වියදම් කමිටුව පසුගිය 21වැනිදා මෙම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.

මේ වසරේ මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යමින් පවතින බවත් මාර්තුවලදී අමෙරිකානු ඩොලර් 469.50ක් වශයෙන් පැවැති ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල අගෝස්තු මාසය වන විට ඩොලර් 590.05 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයැයි ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබිණි.

මේ වසරේ ගෑස් මිල වැඩිවන දෙවැනි අවස්ථාව මෙයවන අතර පසුගිය අප්‍රේල් 27 වැනිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කෙරිණි. කෙසේ වෙතත් ඉකුත් ජුනි 29 වැනිදා ගෑස් මිල රුපියල් 138කින් අඩු කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More