සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය වරුන්ගේ , එම අමාත්‍යාංශවල ලේකම් වරුන්ගේ ඇතුළු රට පුරා සිටින සියළු ම ගුරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කාරුණික අවධානය වෙනුවෙන් ලියමි.
රටේ පාසල් පිරෙන්නට ළමයින් සිටිනා නමුදු රෝහල් පිරෙන්නට ලෙඩුන් ද, සිරගෙවල් පිරෙන්නට අපරාධකරුවන් ද ඇත . එසේ නම්… ඇත්තටම කිවහැක්කේ “අධ්‍යාපනයේ අරමුණු” ඉටුවී නැතිබවම ය. හෙවත් අධ්‍යාපනයෙන් නැණ නුවණැති, ගත -සිත පණ ඇති, යහපත් පුරවැසියකු මේ රටට දායාද වී නැත. අප ඉදිරියේ පෙනෙන්නට ඇති විශාලතම යතාර්ථය එයයි.
මෙය කාගේ,කොහේ,කුමන ආකාරයේ වරදක් දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කිරීම විහිළුවකි.මක් නිසාද ඊට හේතු ඇස්පනාපිට ම පෙනෙන්නට-දැනෙන්නට ඇති බැවිනි.
පාසලේ පෝෂණය ගැන පොතින් පොතට උගන්වමින්(කඩදාසි අධ්‍යාපනය) මොන තරම් යහපත් ආහාර පුරුදු ගැන ළමයින්ට කියාදුන්න ද නමුත්, පාසල් ආපන ශාලාවේ දරුවන්ට කෑම සඳහා විකුණන්නේ වස විස සහිත කෑම බීම විතරමය. පිටි කෑම ය.පැණි බීම ය.රසකාරක සහිත දේම ය. මෙසේ විකුණන්නේ සෞඛ්‍ය ,විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය , උපදේශණය,ක්‍රීඩාව,ඉතිහාසය,ආගම වැනි විෂයයන් උගන්වන ගුරුවරුන්ගේ සිට විදුහල්පතිතුමාගේ දක්වා ම ඇස් ඉදිරිපිටදී ය. ලොකුම අපරාධය නම් ඔවුන් කන්නේ බොන්නේ ද මේවාම වීමයි.මේ අද ඊයේ සිට නොව දැනට දශක ගණනාවක සිටම ය. මේවායේ “සමබල ආහාර ” කෝ..? නීරෝගී සිරුරකට ගත යුතු ආහාර මොනවාදැයි උගන්වන පාසලේ ඇති ආපන ශාලාවේදී ම තමන් ඉගෙනගන්නා දේ සහ භාවිතය අන්ත දෙකක් බව කුඩාකළ ම දරුවාට පෙනෙද්දී-දැනෙද්දී….ඉගෙනගන්නා දේ ජීවිතයට යොදාගැනීම ඔවුන් එතැන් සිටම අත් හරිනු ඇත. වන්නේ අධ්‍යාපනයෙන් ජීවිතයට කිසිදු වටිනාකමක් එකතු නොවීමයි. යහපත් ආහාර පුරුදු පොතපතේ ය. දරුවන් වැඩිකල් නොගොස් බෝ නොවන රෝගීන්ගේ ගොඩේ ය .
ඒ පාසලේ තත්වයයි.ඊළඟට රෝහල …
අපේ ශරීර සෞඛ්‍ය ගැන සැළකිලිමත් වියයුතු දෙවන විධිමත් ආයතනය රෝහලයි. ලෙඩකට බෙහෙත් ගන්නට යන කෙනෙකු එහි ගතකරන කාලය තුල කෑමට-බීමට ගතයුත්තේ ඒ ලෙඩේට සරිළන,ගැලපෙන,සුදුසු මෙන්ම “ශරීරයට අගුණ නැති” කෑම බීමයි. රෝහල් ආපනශාලා තුළ එය අද එසේ ක්‍රියාත්මක වෙනවාද.. ????
මේ පහතින් පෙනෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වන කොළඹ central hospital හි ආපන ශාලා සංකීර්ණයයි. අනෙක් රෝහල් ආපන ශාලා ද (පෞද්ගලික,රජයේ භේදයකින් තොරව )මීට නොදෙවෙනි නැත.අගුණ වෙනුවට ගුණ රැගෙන යන්නට රෝහල් වලට එන රෝගීන්ට නමුත් මේ සිදුවන්නේ “තව තවත් අගුණ ම ” රැගෙන යන්නට ය.නේවාසික නොවන දෛනික ප්‍රතිකාර සඳහා එන සියළු රෝගීන් ට නියතව ම මෙසේ මහත් නින්දිතව මේ ක්‍රියාත්මක වන්නේ හිතාමතා ම එම රෝහල්වල වෛද්‍යවරු ද, රෝහල් හිමිකාරීත්වය ද,බෙහෙත් සමාගම් ද , සෞඛ්‍ය අමාත්‍යාංශය ද හෝ නැතිනම් මේ සියල්ලන්ගේ ම සැලසුම්සහගත එකතුවක් විසින් ද…????
ලෙඩා පමණක් නොව ලෙඩාව රැගෙන රෝහලට එන නීරෝගී සමීපතමයන්ව ද රෝගීන්ගේ ගොඩට ඇද දමන මේ අගුණ ගෙනෙන ආහාර විකිණීම රෝහල් තුළ කරුණාකර නතරවිය යුතුය.
නොඑසේ නම් ඒ වෙනුවෙන් එරෙහි වීමට පාසලේ දී ශිෂ්‍යයන්ට ,ගුරුවරුන්ට මෙන් ම….. රෝහලේ දී වෛද්‍යවරුන්ට ,රෝගීන්ට හෝ රෝගියා රැගෙන එන්නන්ට මූලික මනුෂ්‍ය අයිතීන් ඇත.
එනිසා, ඒ සඳහා පාසල්,විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන් -වෛද්‍යවරුන්,රෝහල් බලධාරීන්,සෞඛ්‍ය අමාත්‍යාංශයයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරු -නිලධාරීන්,අදාල අමාත්‍යවරු ඇතුළු ඊට අදාල සියළු ම පාර්ශවයන් ඉක්මණින් ම ක්‍රියාත්මක වීම අවබෝධයෙන් යුතුව සිදුකිරීම මහා මහජන සේවාවකි.එය එසේ කරදෙන මෙන් ඉල්ලමි.
මම,
උදයා දේවාමුල්ල.
2018.08.23
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...