දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරයට විරෝධය පලකරමින් යාපනයේ වඩමරච්චි නැගෙනහිර පළාතේ ධීවර සංවිධාන ඊයේ (22) දහවල් එම ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ.

එම විරෝධතාවයට හේතුව වූයේ යාපනයේ මයිලිට්ටි ධීවර වරාය සංවර්ධනය කිරීමට පෙර වඩමාරච්චි ධීවරයින්ගේ ප්‍රශ්න විසදීම අවශ්‍ය බවත් වඩමාරච්චි ධීවරයින් සදහා වරායක් ඉදිකොට දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට පිළිතුරක් නොමැතිකම නිසා බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

මයිලිට්ටි පළාත්ට වඩා තුන් ගුණයකටත් වඩා විශාල ධීවරයින් පිරිසක් වඩමාරච්චි ප්‍රදේශයේ සිටින බව පව්සන එම ධීවර සංගම් නියෝජිතයෝ යාපනයේ මයිලිට්ටි වරායට පෙර සංවර්ධනය කළ යුත්තේ වැඩි ධීවරයින් පිරිසක් සිටින ධීවර වරායක් බවද කියා සිටිති.

ඔවුන් වසර ගණනාවක සිට කරණු ලබන ඉල්ලීම් වලට ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් විසදුම් නොලැබුණු නිසා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පලකරමින් කලු කොඩි දැමීමට මේ ධීවරයෝ තීරණය කොට තිබුණි.

පළාතේ දේශපාලන නායකයින් ගොස් මේ ධීවරයින් හමුවී කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් කලුකොඩි දැමීම නතර කළ බවත් වඩමරච්චි ප්‍රදේශයේ විරෝධතාවයක් පවත්වා ජනාධිපතිවරයා යාපනයට පැමිණි රැස්වීම වර්ජනය කළ බවත් වඩමාරච්චි ධීවර සංගමයේ නිලධාරීහූ කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More