ව්‍යාපාරික පුවත්

රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත‍්‍රයක් නිසා මෝටර් රථ මිල නැවතත් ඉහල යන බව වාහන ආනයනකරුවෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ නව ගැසට් පත‍්‍රය මගින් කලින් මෝටර් රථවවලට වසර හතක් තිස්සේ අය කරන ලද බදු මුදල එක්වර ගෙවීමට සිදුව ඇති බවයි.

ඒ අනුව මෙම මෙම නියමය බලපැවැත්වෙන්නේ ධාරිතාව 1800cc ට ඉහල පෙට්‍රල් වාහන, ධාරිතාව 2300cc ට වැඩි ඩීසල් මෝටර් රථ, කිලෝ වොට් 200 ට විදුලි මෝටර් රථ සදහායි.

මේ වන තෙක් මෙම මෝටර් රථ සදහා අය කරන ලද්දේ පළමු වසරේදී රුපියල් 175,000න් ආරම්භ වී වසරින් වසර අඩුවන ආකාරයට වසර හතක් දක්වා වූ බදු මුදලකි.

නව නීතිය අනුව වසර 07 සදහාම බදු මුදල් එකවර ගෙවීමට වීම නිසා එම බදු මුදලද වාහන මිලට එක් කිරීමට තීරණය කල බව ආයනකරුවෝ සදහන් කරති.

මෑතකදී රජය විසින් එන්ජින් ධාරිතාව අඩු කුඩා මෝටර් රථ සදහා වූ බදු මුදලද විශාල වශයෙන් ඉහල දමනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More