ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු පෙරළියක් සිදු කිරීමට සූදානම් වන්නේ නම් තම කණ්ඩායමේ පූර්ණ සහාය ඒ සඳහා හිමිවන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. එවැන්නක් සිදු වන්නේ නම් අතිශය රහසිගතව සිදුවිය යුතු බවත්, ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාගේ ඒකමතික එකඟතාවය හිමිවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
අගමැතිවරයාට එහෙිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවෙදී ඒ සඳහා සහාය දැක්වීමට සූදානම් වූ බොහෝ දෙනාගේ නම් කලින් හෙළිවූ හෙයින් විවිධ වරදාන, වරප්‍රසාද ලබා දී ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වය කටයුතු කළ හෙයින් යළිත් එවැන්නක් සිදුවන්නේ නම් රහසිගතව සියලු තීන්දු තීරණ ගතයුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් අවස්ථාවේදීද ඒකාබද්ධ විපක්ෂය හා 16 කණ්ඩායම ප්‍රකාශ කළේ එය ජයග්‍රහණය කරන බවයි. ඒ සඳහා අවශ්‍ය බහුතරය ඔවුන් සතුව ඇති බව ප්‍රකාශ කළද අවසානයේ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩුව සමත් විය. විපක්ෂ නායකධූරය සම්බන්ධ ගැටලුවේදීද ඒකාබද්ධ විපක්ෂයට පැහැදිලි නිශ්චිත මතයක සිට කටයුතු කිරීමට නොහැකි වූ අතර එහිදීද ඒකාබද්ධ විපක්ෂයේ එක් එක් කණ්ඩායම් විවිධ මත ප්‍රකාශ කළේය.
ආණ්ඩු පෙරළියක් සිදු කිරීම සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ද ඊට වඩා වැඩි දුරක් ගමන් නොකරනු ඇත.
ඒකාබද්ධ විපක්ෂය ගණන් බලා ඇත්තේ ආණ්ඩුවේ සිටින සුළු පක්ෂවල සහාය ලබාගත හැකි බවටයි. කෙසේ වෙතත් ආණ්ඩුව තුළ සිටින සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නව ආණ්ඩුවකට අවශ්‍ය බහුතරය සොයාගත නොහැකි වන අතර එක්කෝ ඒ සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය, එසේ නැතහොත් එජාපයේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය. එහෙත් එවැනි තත්වයක් ඇතිවීමට වර්තමානයේදී ඇත්තේ ඉතා අවම ඉඩකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...