දේශීය පුවත්

උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.

සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කන්දයියා විජයරූබන් නැමති තරුණයෙකි.

අදාල උසස්පෙළ සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර මුලතිව් පාසලක සිසුවියක වන ඇය ඉකුත් 19 දින උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.

පසුව සැකකාරි මන්ති‍්‍රවරයා පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කිරීමෙන් පසුව පුදුකුඩඉරිප්පු පොලීසිය විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයාගේ තොරතුරු වලට අනුව සිසුවිය පැහැර ගැනීමට පැමිණි සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂන ආරම්භ කොට ඇති බවටත් සැකකාර මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More