දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද (22) කොළඹ හා හම්බන්තොට වරායන්හි සංචාරයක නිතර විය.
ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ පසුගිය රාජ්‍ය සංචාරයේ දී ඇතිකරගත් එකඟතා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණු බවයි.
එමෙන්ම ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවිය.
මේ අතර අද පෙරවරුවේ කොළඹ වරාය නැරඹීමටද ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එක් විය.
අනතුරුව ඔහු ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක ද නිරත විණි.
එමෙන්ම සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඉකසුචී නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකටද ඔහු එක් විය.
ඉන් පසුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වූයේ නැහැ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...