ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා නැවත මිස්ටර් ක්ලීන් කරන මෙහෙයුමක් දියක් වෙමින් පවතින බව ඒකාබද්ධ වික්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේසේද ස‍දහන් කළේය.

මේ ආණ්ඩුව කරගෙන යන දේශපාලන කුපාඩිකමක් තියනවා. මට මගේ භාෂාවෙන් කියන්න තියෙන්නේ මේකට දේශපාලන කුපාඩි කමක් කියලායි. ඒ තමයි බැඳුම්කර වංචාව යට ගැසීම සඳහා කරන සැළැස්ම. පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සිදුකෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට ඒ අය සැළැසුම් කළා මේ බැඳුම්කර වංචාව යට ගැසීමේ මහා වැඩපිළිවෙලක්. ඒ තමයි විටින් විට රටේ යම් යම් මාත්‍රකා, ඇති කරලා ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමුකරන්න කටියුතු කිරීම.විවිධ කාරණා දවසින් දවස ගේන එක. ඒ අනුව තමයි පසුගිය කාලේ සිදුවූ සියල්ල සිදුවුණේ. දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එල්ලුම්ගහ ගැන කතාකලා. ඒ ගැන ලංකාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තරේ දක්වා ගියා අන්තිමට එල්ලපු එකෙක් නෑ. හැබැයි මාසයෙක් රටේ එල්ලුම් ගහ ගැන කතා කලා. ඊට පස්සේ පටන් ගත්තා දුම්රිය වර්ජන වගේ දේවල් ඒවට විසදුම් ලබානොදී දිගින් දිගටම මහජනතාව අපහසුතාවයට පත්කළා. මේ බැඳුම්කර වංාව යට ගැසීම කටයුත්ත තමයි මේ සිදුවෙමින් පවතින්නේ. මේවා මගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මිස්ටර් ක්ලීන් කෙනෙක් බවට පත්කිරීම.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා

ශ්‍රී ලාංකීය පුරවැසි භාවය නොමැති පවුල් 400ක පමණ ප්‍රමාණයක් නැදුන්කර්නි ප්‍රාදේශීය සභාවට අයත් මරතෝණිය කියන ගමේ මේ වන විට පදිංචි කරන කරලා තියෙනවා. උතුර නැගෙනහිර පළාත් වල පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විනාශ විශාල ප්‍රමාණයක් විනාශ කරමින් පවතින බවත්පමේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරඑයාද කිසිවක් සිදු නොවූ ලෙස බලා සිටින බවත් කරුණු සහිතව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා
මෙවර මහනුවර පැවැත්වෙමින් පවතින ඇසල පෙරහැර පැවැතුවෙන්නේ නිකිණි පෝයට, මෙම ආණ්ඩුවේ පෝය දින දර්ශනය නිවැරදි නොවන බව අතිපූජ්‍යනීය නියන්ගොඩ විජිතසිරි නායක හිමියන්ද පැවසූවා එහෙත් කිසිවක් සිදුවී නැහැ. මේ ආණ්ඩුවට දින දර්ශනයක්වත් නිවැරදිව හදා ගන්න බැරි ආණ්ඩුවක්.

මෙම මාධ්‍ය හමුව සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාද සහභාගී විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More