කලා පුවත්

රංගන ශිල්පිණියන් සහ නිරූපණ ශිල්පිණියන් පිළිබඳ බොහෝ ආන්දෝලනාත්මක පුවත් පසුගිය දිනවල වාර්තා විය. ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියන් දෙදෙනෙකු පිළිබඳ තවත් එවැනි පුවතක් ලීඩ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

ඒ රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පිළිබදවයි.

පසුගිය දින කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පැමිණ තිබුනේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේම පළමු නිළධාරියෙක් වශයෙන් සේවය කරනා පුද්ගලයෙක් සමගයි.

රංගන ශිල්පිනියන් දෙදෙනා සමග මගියෙක් ලෙස ගුවන් යානයට පැමිණි එම නිළධාරියාගේ අරමුණ වී තිබුනේ මහේෂි මදුශංකා සහ තනාශා සතරසිංහ සමග සිංගප්පූරූ චාරිකාවක නිරත වීමයි. කෙසේ වෙතත් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත කළ මොහොතේ සිට සිංගප්පූරුවේ ගොඩ බාන අවස්තාව දක්වාම මෙම නිළධාරියා අදාල රංගන ශිල්පිනියන් දෙදෙනා සමග සිට ඇත්තේ ගුවන් යානයේ පාලක මැදිරියේයි.

ගුවන් යානයක පාලක මැදිරියට ඇතුල් වීමට පිටස්තර පුද්ගලයන්ට අවසර නොමැති අතර එම මැදිරියට ඇතුල් වීම මගීන්ට තහනම් ක්‍රියාවක්. ඒ සෙස්සන් පාලන මැදිරියට ඇතුල් වීම මගීන්ගේ ජීවිත අනතුරේ හෙළන ක්‍රියාවක් වීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ නීති නොතකා මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා රැගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා සිය සබදතා භාවිතා කරමින් අදාල රංගන ශිල්පිණියන් දෙදෙනා මෙලෙසින් ගුවන් යානයේ පාලක මැදිරියට කැඳවා ගෙන ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් යානය ගමනාන්තයට ලඟාවන තෙක්ම ගුවන් යානයේ පාලක මැදිරියේ පස්දෙනෙක් සිට තිබෙනවා. ඒ ගුවන් යානයේ නියමුවා, මෙම යානයේ රාජකාරී කළ පළමු නිළධාරියා හා මහේෂි මදුෂංකා, තානාශා හතරසිංහ සහ ඔවුන් දෙදෙනා රැගෙන ආ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියා ය.

මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පාලක මැදිරියේම සිටිමින් ආහාර පාන පවා ලබා ගෙන තිබෙන බවටත් වාර්තා වේ. එම අවස්තාවේ ව්‍යාපාරික පන්තියේ ගමන් කරමින් සිටි ඇතැම් මගීන් මෙම ක්‍රියාවට විරෝධය දක්වා තිබෙන බවත් ලීඩ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මේ අකාරයට සිංගප්පූරුව බලා ගිය තනාශා හතරසිංහ සිංගප්පූරූවේදී ලබා ගත් ඡායාරූප සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමටද එක්කර තිබුනා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More