දේශීය පුවත්

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්විණි.

මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාල හෝටලය වෙත ගොස් ඇතත් එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට යාමට හෝටලයේ ආරක්ෂක නිලධාරීන් අවසර ලබා දී නොමැත.

සාකච්ඡාවෙන් පසුව බ්‍රිතාන්‍ය නියෝජිතයින්ගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා සිටියත් ඔවුන් කිසිවක්ප්‍රකාශ නොකොට හෝටලයෙන් පිටව ගොස් ඇත.

පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යෙව්දීන් අදාල සාකච්ඡාව පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කළ බවටයි.

අදාල බිතාන්‍ය නියෝජිත පිරිස පළමුව යාපනය ආරක්ෂඛ සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා හමුවී පැවති සාකච්ඡාවෙන් පසුව ටී.එන්.ඒ. නායකයා හමුවී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More