විදේශ පුවත්

මින් වසරකට පෙර මියගිය තායිලන්ත රජුගේ අවමංගල උත්සවය අද සිදු කිරීමට නියමිතයි.රජුගේ ආදාහනය පූමිපොන් අදුන්යදේජ් රජුගේ ආදාහනය අද එරට වේලාවෙන් රාත්‍රී 10 ට සිදු කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 දින පූමිපොන් රජු මිය ගියේ අසූ අට වන වියේ පසු වෙද්දීය.
එතැන් සිට වසරක කාලයක් එරට ශෝක කාලයක් ක්‍රියාත්මක් වූ අතර ඒ කාලය තුල මිලියන 12කට අධික ජනතාවක් රජුට අවසන් ගෞරව දක්වා තිබිණි.
දින පහක අවමංගල්‍ය උත්සවය ඊයේ ආරම්භ වූ අතර ඊයේ රාත්‍රියේ සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බැංකොක් නුවරට රොක්වී සිටින බව BBC වර්තාවක දැක්වෙයි.

අද පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයට රටවල් 400 කින් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් එක්ව සිටිති.
අද තායිලන්තයට නිවාඩු දිනයක් වන අතර බැංකොක් නගරය පුරා කහ පැහැයෙන් සරසා තිබේ.
18 වැනි සියවසේ සිට භාවිත කෙරෙන විශේෂ කරත්තයකින් රජුගේ දේහය ආදාහනය සිදු කෙරෙන රන් සිවි ගෙය වෙත රැගෙන යාමට නියමිතය.
ටොන් 14ක් බරැති මෙම කරත්තය අදිනු ලබන්නේ සෙබළුන් 200 දෙනෙකු විසිනි.
අද රාත්‍රියේ රජුගේ පුත් වජිර ලෝන්කොන් වත්මන් රජු විසින් දේහයට් ගිනි දැල්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More