ශ්‍රී ලංකාවට ගෙන්වන ලද චීන දුම්රිය ඉන්ජින් තත්වයෙන් බාල අනාරක්ෂිත දුම්රිය බව ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති බී.ආර්.ඒ.ඒ. ජයසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ ලංකා ලීඩ් නිව්ස් සමග සංවාදයට එක් වෙමනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා පවසා සිටියේ
2007 / 2008 වසරේදී පමණ මෙම චීන දුම්රිය ලංකාවට ගෙන ආ බවත්, පාලන අධිකාරිය විසින් මෙම දුම්රිය ඉහළ මාර්ගයේ ගමන් කරවීමට ගත් තීරණය දුම්රිය නියාමකවරුන් ලෙස තම සංගමය ප්‍රතික්ෂේප කළ බවත්, රුමේනියා මැදිරි සහ මෙම චීන මැදිරි අතර ඇති වෙනස පැහැදිලි කරමින් තම සංගමය විසින් කරුණු 14ක් අඩංගු ලියවිල්ලක් පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කළ බවත් මෙම දුම්රිය ඉංජින් කට්ටලවල තිරිංග ක්රියාත්මක කළාත් නතර වන්නේ කිලෝමීටර් 2 මීටර් 100ක් පමණ දුරගොස් බවත්.මෙම තත්වය තුළ මෙම චීන දුම්රිය ඉහළ මාර්ගයේ ගමන් කරවීම ඉතාමත් අනාරක්ෂිත බවත් ඔහු සදහන් කළේය.
ජයසිංහ මහතා සමග සිදුකළ සංවාදයේ විඩියෝ පඨය පහතින්
දුම්රිය ඉංජින් කට්ටලවල තිරිංග ක්‍රියාත්මක කළාම නතර වන්නේ 2km / m100 ක් ගිය පසුවයි.
කොමිස් වලට ගෙනා චීන දුම්රිය ඉංජින් කට්ටලවල තිරිංග ක්‍රියාත්මක කළාම නතර වන්නේ 2km / m100 ක් ගිය පසුවයි.ලංකා දුමිරිය නියාමක සංගමයේ සභාපති බි. ආර්. ඒ. ඒ. ජයසිජහ
Gepostet von Lanka Lead News am Dienstag, 21. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...